පින්නවල සංචාරක කලාපයේ පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ.මේ වසරේ දී නව පහසුකම් රැසක් එක් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතියි.
දෙස් විදෙස් සංචාරකයන්ගේ මහත් ආකර්ෂණය දිනාගත් සංචාරක ගමනාන්තයක් ලෙස පින්නවල හැදින්විය හැකියි.මෙම සංචාරක කලාපයේ පහසුකම් වැඩිදියුණු කර ආදායම ඉහළ නැංවීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ත රණසිංහ මහතා පවසයි.
වාහන අංගනය ක්‍රමවත්ව සැකසීම ද ඒ අතර වෙයි.මේ අතර අත්තනගල්ල අලවල ප්‍රජාමූල තිරසර සංචාරක ගම්මානය එළිදැක්වීම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.මෙය බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ ව්‍යාපෘතියක්.
අලවල ගම්මානයේ සුන්දර දියඇලි, ඓතිහාසික ස්ථාන ආදිය නැරඹීමට මෙම අවස්ථාවට එක්වූ විදේශිකයන්ට අවස්ථාව සලසා දී තිබුණි.