අලුතින් ලියාපදිංචි කරන ලද වාහන ලක්ෂ හතරකට අධික ප්‍රමාණයක් සඳහා අංක තහඩු මුද්‍රණය ලබන අප්‍රේල් මාසයේදී ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.ප්‍රවාහන අමාත්‍යංශය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් අංක තහඩු මුද්‍රණය කිරීම පුද්ගලික සමාගමකට මේ වනවිටත් ලබාදී අවසන් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසයි.
අංක තහඩු මුද්‍රණයය වසර ගණනාවක් එකම සමාගමක් මගින් සිදුව තිබූ අතර එම සමාගමේ කොන්ත්‍රාත් කාලය පසුගිය වසරේ අප්‍රේල් 30 වැනිදා අවසන් විය.මේ අනුව අංක තහඩු මුද්‍රණය කිරීම සඳහා නව සමාගමක් තෝරාගැනීම වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යංශය ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව මැයි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වාහන ලක්ෂ හතරක පමණ ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති අතර ඒ එකදු වාහනයක් සඳහා හෝ අංක තහඩු මුද්‍රණය නොවිණි.මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ අංක තහඩු මුද්‍රණ කටයුතු භාර දී ඇති සමාගම් සිය යන්ත්‍රෝපකරණ ගෙන ඒම හා සවි කිරීම් කටයුතු සිදුකරමින් පවතින බවයි.
ඔවුන් විසින් ලබන අප්‍රේල් මාසයේදී අංක තහඩු මුද්‍රණය කිරීම දිවා රාත්‍රී මුර ක්‍රමයකට සිදුකරන බවද මාස කිහිපයක් තුළ අංක තහඩු සියල්ලම මුද්‍රණය කර හිමිකරුවන්ට භාර දීමට හැකිවනු ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.