අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කරවීම තහනම්

මෙරට තුළ දේශීය මෙන්ම විදේශීය පුද්ගලයින් හට නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනු ලබයි.

මින් පෙර අවස්ථාවලදී ද අධි ආරක්ෂිත කලාප තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන යානා ක්‍රියා කරවූ පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගෙන ඇති බව ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

ඒ අනුව, මෙරට තුළ ඩ්‍රෝන යානා පියාසර කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයින් අදාළ නීති හා රෙගුලාසිවලට අනුකූලව නිසි අවසර ලබාගෙන පමණක් එම කටයුතුවල නිරත විය යුතු බවයි ගුවන් හමුදාව අවධාරණය කර සිටී.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ඩ්‍රෝන යානා ක්‍රියා කරවන්නන් නීතිමය ගැටලුවලට හෝ වෙනත් අපහසුතාවලට පත්වීම වැළැක්වීමේ අරමුණින් ගුවන් හමුදාව මෙම දැනුවත් කිරීම සිදු කරනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කාලීන පුවත්