පසුගිය 12 දා දහවල් ඉන්දියාවේ අහමදාබාද් හිදී ගුවන් යානයක් කඩාවැටී සිදු වූ බිහිසුණු අනතුරෙන් මියගිය ගණන 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.’එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් අහමදාබාද් සිට ලන්ඩන් දක්වා ගමනාරම්භ කරමින් තිබිය දී මෙම අනතුර සිදුවිය.අනතුර සිදුවන විට ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළුව 242ක පිරිසක් සිටි අතර, ඉන් එක් මගියෙකු හැරෙන්නට සෙසු සියලු දෙනාම ජීවිතක්ෂයට පත් වූහ.කෙසේ නමුත් ගුවන් යානය අහමදාබාද් තොටුපොළෙන් පිටත පිහිටි වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක් මතට කඩා වැටීම හේතුවෙන් සෙසු මරණ සංඛ්‍යාව සිදුව ඇත. ඉන්දීය පොලීසිය සඳහන් කර ඇත්තේ, මළසිරුරු අතර මගීන් සහ බිම සිටි පුද්ගලයින් යන දෙපාර්ශ්වයම සිටින බවයි.
මතු දැක්වෙනුයේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ වෙසෙසින් කැපී පෙනෙන විද්වතුන් දෙදෙනෙකු තම සමාජ ජාල වෙබ් අඩවි වල තැබූ සටහන් දෙකකි.ඒ අතුරින් මෙම මුල්ම සටහන අප රටේ ප්රමුඛ පෙළේ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන අනුර හොරේෂස් විසින් තබන ලද්දකි.ඔහු මේ වන විට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි වාසය කරයි.
ගුවන් යානාවේ වායු සමීකරණ පද්ධතිය ක්‍රියා විරහිත වීම මෙම බිහිසුණු ඛේදවාචකයට ප්‍රධාන හේතුවදැයි කියන්නට මම නොදන්නෙමි. කෙසේ වෙතත් එය දෝෂයකි. මෙතනදී මා දකින්නේ ඇතැම් ඉන්දීය ජාතිකයන් තුළ පවතින නොසැලකිලිමත් භාවයයි. සිද්ධියක් පිළිබඳ දැනගන්නට ලැබුණත් ඒ පිළිබඳ සොයා බැලීමට ඇතැම් ඉන්දීය ජාතිකයින් උනන්දු නොවන ආකාරය මම ද අත්විඳ ඇත්තෙමි.

“ඉන්දීය ගුවන් යානා අනතුරින් මුළු ලොවම කම්පාවට ලක්වෙයි. මගින් 241 ක් මියගියේ මරුවා දකිමින් ය.. එය ඉතා ඛේදජනක සිද්ධියකි. මෙම ගුවන් අනතුර පිළිබඳ කාර්මික පරීක්ෂණයක් සිදු කරන බවක් විද්‍යුත් මාධ්‍ය හරහා පළ වෙයි.
යානය ගුවන් ගතවීමට ප්‍රථම එහි සිටි මගියෙක් කළ කෙටි වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි. ඉන් දකින්නට ලැබෙන්නේ යානයේ වායු සමීකරණ පද්ධතිය ඇණ හිට තිබෙන තත්ත්වයකි. මගීන්, සඟරා ආදියෙන් පවන් සලා ගන්නා ආකාරය ද එම වීඩියෝවෙන් පෙනේ. මෙවැනි සුඛෝපභෝගී, දැවැන්ත යානාවක් තුළ වායු සමීකරණ පද්ධතිය ඇනහිටීම සුළුපටු කාරණාවක් ද නොවේ. මගීන් ගුවන් යානය තුළට පිවිස සිය බඩුබාහිරාදිය නිසි තැන්වල තැන්පත් කොට අසුන් ගැනීම වැනි කාර්යයන් සඳහා පැය භාගයකට වැඩි කාලයක් ගතවෙයි. එවැනි කාලයක් පුරා වායු සමීකරණයක් නොමැතිව ගත කිරීමේ දී හුස්ම ගැනීමේ අපහසුතා ද මගීන්ට අත් විඳින්නට සිදුවෙයි. ඔවුහු ඒ ගැන කාර්ය මණ්ඩලයද දැනුවත් කරති. මෙබඳු අපහසු තත්ත්වයක් පිළිබඳ වාර්තා වීම ගුවන් යානාවේ කාර්යය මණ්ඩලයට නොසලකා සිටින්නට බැරි ය. මන්ද ඔවුන් ද එම අපහසුකාරී තත්ත්වයට පත්වී සිටින බැවින් ය.. ඔවුන් ඒ බව ප්‍රධාන නියමුවාට වාර්තා කළා ද නැතිද යන්න ගැටළු සහගත ය. ගුවන් යානාවේ වායු සමීකරණ පද්ධතිය ක්‍රියා විරහිත වීම මෙම බිහිසුණු ඛේදවාචකයට ප්‍රධාන හේතුවදැයි කියන්නට මම නොදන්නෙමි. කෙසේ වෙතත් එය දෝෂයකි. මෙතනදී මා දකින්නේ ඇතැම් ඉන්දීය ජාතිකයන් තුළ පවතින නොසැලකිලිමත් භාවයයි. සිද්ධියක් පිළිබඳ දැනගන්නට ලැබුණත් ඒ පිළිබඳ සොයා බැලීමට ඇතැම් ඉන්දීය ජාතිකයින් උනන්දු නොවන ආකාරය මම ද අත්විඳ ඇත්තෙමි. ඔවුහු එම තත්ත්වය සැහැල්ලුවෙන් සළකති. නොබෝ වේලාවකින් හෝ ඉදිරියේදී ඒ ව්‍යාකූල භාවය සමනය වනු ඇතැයි ඔවුහු උපකල්පනය කරති. වායු සමීකරණ පද්ධතිය ඇනහිටීම පිළිබඳ නිසි සොයා බැලීමක් නියමුවන් විසින් සිදු කළා නම් ඒ පිළිබඳ ඉන්දීය ගුවන් යානා පාලක මණ්ඩලය දැනුවත් විය යුතු ය. යානාවේ වායු සමීකරණ පද්ධතිය ඇණහිට තිබූ බවක් මේ දක්වා ඉන්දීය ගුවන් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශ කර නොමැත. ඉහත කී වීඩියෝව නොවන්නට එවැනි තත්ත්වයක් පිළිබඳ අපට දැනගන්නට ලැබෙන්නේ ද නැත. එවැනි තත්ත්වයක් වාර්තා වී අනතුරු පාලක මණ්ඩලයේ උපදෙස් පරිදි යානය ගුවන් ගත කරන්නට නියමුවන්ට උපදෙස් ලැබී ඇත්නම් නොසැලකිත්ලිකම් කමේ තරම තේරුම් ගත හැකිය. ශ්‍රී ලංකාවේ සිදුවූ මහා බස් අනතුරට ද හේතුව නොසැලකිලිමත් පරිපාලනය බව මේ වන විට අනාවරණය වී තිබේ. රටවල් දෙක අතරේ ඒ තරම් වෙනසක් නැත”.
මීට සමාන අත්දැකීමක් 2024. 2.12 මෙල්බන්- කොළඹ ශ් රීලංකන් ගුවන් යානය ගුවන් ගත කර සුලු මොහොතකින් සිදු විය.වායු සමීකරණ අක්‍රිය වූ වහාම එවිට යානය පැදවූ නියමුවරිය සහ නියමු වරයා වහාම යානය ආපසු හරවා ගොස් මෙල්බන් නුවර ඉතා අසීරුවෙන් නිරුපද්‍රිතව ගොඩබස්වා එහි ඉංජිනේරුවන් ලවා පූර්ණ පරික්ෂාවකට යානය භාජනය කළේය. දෝෂ නිවැරදි කිරීමට ලංකාවේ සිට ලාංකික ඉංජිනේරුවන්ට යානයේ යාන්ත්‍රික කොටස් රැගෙන එහි යාමට සිදුවිය. මගීන්ට දින 2 ක් පුරා එහි හෝටල්වල රැඳී සිටීමට සිදුවිය. එදා අපේ ගුවන් සේවයට සහ නියමු කණ්ඩායමට ගුවන් ගමන පමාවට දොස් මිසක් උපහාරයක් ලැබුනේ නැත.

ඉහත සඳහන් ඛේදවාචකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ප්‍රසව හා නාරිවේද විශේෂඥයකු වන වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂයන් තම සමාජ ජාල වෙබ් අඩවියේ තබන ලද සටහනකි මේ.
” අහමදාබාද් සිට ලන්ඩන් නගරය දක්වා ගමන් ආරම්භ කර විනාඩි 1 ක් තුළ කඩා වැටුනු AI 171 ගුවන්යානය ඊට පැය 2 කට කලින් නව දිල්ලියේ සිට අහමදාබාද් දක්වා පැමිණි යානයකි. ඒ දක්වා එම කඩාවැටුණු ගුවන් යානයේ පැමිණි මගියෙකු එම ගුවන් යානයේ තිබුණු අඩුපාඩු රාශියක් වීඩියෝ ගත කර මාධ්‍ය වෙත දැන් මුදා හැර ඇත.පලමුව ගුවන්යානය තුල වායුසමීකරණ අක්‍රියවී ඇත,. ඊළඟට ආසනයේ ඇති සියලුම බොත්තම් අක්‍රිය වී ඇත. මගීන්ට සඟරා වලින් පවන් ගසන අයුරු ඔබට බලා ගත හැක.
අහම්මබාද් වලින් ලන්ඩන් බලා නැවත එම යානය පිටත් වීමට පෙර මෙම වැරදි වලට හේතුව සොයා ගත්තා නම් අද එම මගීන් 241 අනතුරේ වැටෙන්නේ නැත.
මීට සමාන අත්දැකීමක් 2024. 2.12 මෙල්බන්- කොළඹ ශ් රීලංකන් ගුවන් යානය ගුවන් ගත කර සුලු මොහොතකින් සිදු විය.වායු සමීකරණ අක්‍රිය වූ වහාම එවිට යානය පැදවූ නියමුවරිය සහ නියමු වරයා වහාම යානය ආපසු හරවා ගොස් මෙල්බන් නුවර ඉතා අසීරුවෙන් නිරුපද්‍රිතව ගොඩබස්වා එහි ඉංජිනේරුවන් ලවා පූර්ණ පරික්ෂාවකට යානය භාජනය කළේය. දෝෂ නිවැරදි කිරීමට ලංකාවේ සිට ලාංකික ඉංජිනේරුවන්ට යානයේ යාන්ත්‍රික කොටස් රැගෙන එහි යාමට සිදුවිය. මගීන්ට දින 2 ක් පුරා එහි හෝටල්වල රැඳී සිටීමට සිදුවිය. එදා අපේ ගුවන් සේවයට සහ නියමු කණ්ඩායමට ගුවන් ගමන පමාවට දොස් මිසක් උපහාරයක් ලැබුනේ නැත”.