පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සහ සාමාන්‍ය සේවා ලබන 05, 06 සහ 07 දිනවල සීමා කෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම පැය 24 සේවාව ද ඉහත දිනවලදී ක්‍රියාත්මක නොවනු ඇති.
මේ අතර, ලබන 06 සහ 07 දෙදින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.