ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට රතුඑළියක්

පළාත් පාලන ජන්ද විමසීමට අදාළ, මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සදහා ලබාදුන් කාලය අද(27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා සඳහන් කළේ, එම වාර්තා ලබා නොදුන් පුද්ගලයින් පිළිබදව පොලීසියට වාර්තා කරන බවයි.

අනතුරුව නීතීපතිවරයාගේ උපදෙස් ලබාගෙන භාරනොදුන් පුද්ගලයින් පිළිබදව නිත්‍යානුකුලව කටයුතු කිරිමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කරයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම ඉදිරිපත් කළ යුතු බවයි.

මේ අතර ගැසට් පත්‍රයේ පළ කිරිමට තවදුරටත් සභිකයින්ගේ නම් භාර නොදුන් ස්වාධින කණ්ඩායම් හා දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවට හෝ තේරිම්භාර නිළධාරින්ට එම නම් ලබාදෙන ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටියි.

කාලීන පුවත්