ආපදාකාරී නම් බෝ ගසක් වුව ද කපා දැමිය යුතුය – කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ


පසුගිය ජුනි මාසයේ අයහපත් කාලගුණ තත්ත්වයක් පැවති දිනක විශාල බෝ අත්තක් කඩාවැටීමක් හේතුවෙන් බලන්ගොඩ රජවක මහා විදුහලේ දාහත් වියැති  සිසුවෙකු මියගිය අතර තවත් සිසු සිසුවියන් විස්සකට පමණ විවිධ ආපදාවලට මුහුණ දෙන්නට සිදු විය. තව ද පාසලේ ගොඩනැගිලි වලට ද ආපදා සිදු විය.
ප්‍රචණ්ඩ සුළං සහ වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑම නිසා අවදානම් ගස් කඩා වැටී විවිධ ආපදා සිදුවීම ශ්‍රී ලංකාවේ අපට නිරතුරුවම ඇසෙන පුවත් වනවා මෙන්ම ඒ අතර බෝ ගස් සහ බෝ අතු කඩා වැටීම නිසා ජීවිත සහ දේපළ හානිවීම් පිළිබඳ පුවත් ද අසන්නට ලැබීම සාමාන්‍ය තත්ත්වයකි. අවදානම් ගස් වල අතු කපා දමා හෝ එවන් ගස් මුලින්ම කපා අවදානම අවම කිරීමට පියවර ගන්නා අවස්ථා පිළිබඳව අසන්නට දකින්නට තිබේ.නමුත් කොතරම් අවදානම් වුවත් බෝ ගසක් කැපීමට හෝ එවන් ගසක අතු කැපීමට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු පියවර නොගන්නා අතර යමෙක් එවන් පියවරක් ගැනීමට ඉදිරිපත් වුවහොත් එයට විරුද්ධ වීමට ඉදිරියට එන ජනතාව බොහෝ ය. මෙම තත්ත්වය අප රටේ ජනතාවගේ යථාවබෝධය ඉතාම දුර්වල බවට ප්‍රබල සාක්ෂියකි.

සිද්ධාර්ථ කුමරුන් ගිහිගෙය හැරදා වනගත වූවාට පසුව වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වවලදී පවා ආරක්ෂාව සහිතව භාවනාවේ යෙදෙන්නට වාඩිවීමට බෝ ගසක විශාල මුල් දෙකක් අතර ස්ථානයක් තෝරා ගත්තා විය යුතුම ය.මෙය ප්‍රායෝගිකව සිතා බැලිය යුත්තකි. ඒ හැරෙන්නට එම ගස අති විශේෂිත වූ ගසක් නොව එම බෝගසක් වනයේ වැවී තිබූ සාමාන්‍ය වෘක්ෂයෙකි.

බෝ ගසක් හෝ එහි අතු කැපීමට පියවර ගැනීම මහා පාප කර්මයක් සේ සලකන බෞද්ධ ජනයාගෙන් පිරුණු ශ්‍රී ලංකාවේ ජනතාව යථාවබෝධය වෙත යොමු කිරීම ඉතා අසීරු බව පෙනී යයි. විශාල ලෙස වැඩෙන ගස් අතුරෙන් වර්ග කිහිපයක මුල් ගසේ තරමක් ඉහළ සිට පොළොව මට්ටමට වන තරම් දිගු දුරක් තුළ ගසට සම්බන්ධ වී කෙටි බැම්මක් සේ වැඩෙන බව ඔබ බොහෝ දෙනෙක් දන්නවා ඇති නුග ගස්, නා ගස් සහ බෝ ගස් මේ සඳහා උදාහරණ කීපයකි.
නුග හෝ බෝ ගස් සමහරක මුල් කිහිපයක්ම උසට වැඩී තිබීම නිසා සුළං සහ වර්ෂාව සහිත කාලගුණ තත්වයන්වල දී පවා යමෙකුට ආපදාවලින් ආරක්ෂා වී මුල් දෙකක් අතර වාඩි වී හෝ සිටගෙන සිටිය හැකිය. සිද්ධාර්ථ කුමරුන් ගිහිගෙය හැරදා වනගත වූවාට පසුව වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වවලදී පවා ආරක්ෂාව සහිතව භාවනාවේ යෙදෙන්නට වාඩිවීමට බෝ ගසක විශාල මුල් දෙකක් අතර ස්ථානයක් තෝරා ගත්තා විය යුතුම ය.මෙය ප්‍රායෝගිකව සිතා බැලිය යුත්තකි. ඒ හැරෙන්නට එම ගස අති විශේෂිත වූ ගසක් නොව එම බෝගසක් වනයේ වැවී තිබූ සාමාන්‍ය වෘක්ෂයෙකි.

ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික බහුතරය බුද්ධ දේශනාවේ අන්තර්ගත යථාර්ථය අවබෝධ කරගෙන ඒ අනුව සිය පිළිවෙත් රැකීමට උනන්දු නොවෙති.ඉන් ඉගැන්වෙන සදාචාර ධර්ම පද්ධතිය අනුගමනය කරනු වෙනුවට බෝ ගස්වලට වැඳුම් පිදුම් කිරීමට සිය කාලය සහ ධනය කැප කරන අතර කෙතරම් ආපදාකාරී වුවද බෝ ගසක් කපා දැමීමට පූර්ණ විරුද්ධත්වයක් දක්වති. බෝ ගසක් බෝ අත්තක් කඩා වැටී මිනිසෙකු හෝ සතෙකු මිය ගියත් වෙනත් ආපදා සිදුවුවත් ඔවුන්ට එය දුකක් හෝ වේදනාවක් නොවන තරමට ඔවුන් මිථ්‍යාවට වහල් වී ඇත.

ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල බෝ ගස් සහ බෝ අතු කඩා වැටී මහා ආපදා සිදුවූයේ පසුගිය ජූනි මාසයේ පමණක් නොව අවස්ථා රැසක බෝ ගස් සහ බෝ අතු කැඩී වැටී ජීවිත සහ දේපළ හානි වූ අවස්ථා රැසකි. මේ නිසා රජයේ අදාල බලධාරීන්ගේ සහ ජනතාවගේ යථාවබෝධය වර්ධනය කරගත යුතු අතර ජීවිත සහ දේපළවලට ආපදා ළඟා කළ හැකි බෝ ගස් පවා අතු කපා හෝ සම්පූර්ණ ගසම කපා දමා අවදානම අඩු කිරීමට පියවර ගත යුතුය. එය ආපදා කළමනාකරණය සඳහා ගත යුතු එක් පියවරකි.

ගසක් අවදානම් නම් එය කුමන ගසක් වුවත් නිසි කලට කපා දැමිය යුතුය යන්නයි. දිවයිනේ සෑම ජනතාවක් මෙන්ම වගකීම බාර අදාළ නිලධාරීන් නිසි පියවර නිසි කලට දියත් කිරීම ආපදා කළමනාකරණයට මහත් උපකාරයක් වනු ඇත.

පසුගිය වසර වල අයහපත් කාලගුණ තත්ව පැවති අවස්ථාවල අවදානම් බෝ ගස් ද ඇතුළු ගස් රැසක් කඩා වැටී සිදුවූ ආපදා පාඩමක් සේ ගෙන ඉදිරියේදී එවන් ආපදා කළමනාකරණය කිරීමට නිවෙස් ඇතුළු සෑම ගොඩනැගිලි මෙන්ම ප්‍රධාන මාර්ග අසල පිහිටි අවදානම් ගස්වල අතු හෝ සම්පූර්ණ ගසම කපා දැමීමට අදාළ අය විසින් පියවර ගත යුතු ය.

මෙහිදී අවධාරණය කළ යුත්තේ ගසක් අවදානම් නම් එය කුමන ගසක් වුවත් නිසි කලට කපා දැමිය යුතුය යන්නයි. දිවයිනේ සෑම ජනතාවක් මෙන්ම වගකීම බාර අදාළ නිලධාරීන් නිසි පියවර නිසි කලට දියත් කිරීම ආපදා කළමනාකරණයට මහත් උපකාරයක් වනු ඇත.

කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ

එතෙර - මෙතෙර