පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවලට ලක්වී සිටින සියලුදෙනාට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම කාලගුණය අයහපත් වීමත් සමඟ ආපදා තත්වයන්ට මුහුණ දීම සඳහා පෙර සිටම සූදානම්ව සිටි බවයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කලේ.
හදිසි ආපදා තත්වයන් පිළිබඳ තොරතුරු හදිසි ඇමතුම් මැදිරිය 117 හෝ දුරකථන අංක 0112136136, 0112136222, 0112670002 ඇමතීමෙන් දැනුම් දිය හැකි බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.