ආපදාවට පත් පිරිසට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම්

පවතින ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් යොදවා තිබේ.

නාවික හමුදා ආපදා සහන කණඩායම් අනුරාධපුර පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ සඳහාත් අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයටත් අනුයුක්ත කර ඇති බවයි වාර්තා වෙයි.

ඒ අනුව නාවික හමුදා යාත්‍රා මඟින් පාසල් ළමුන් ඇතුළු පුදගලයන් 3009 දෙනෙක් ආරක්ෂිතව ප්‍රවාහන කිරීම සඳහා එම සහන කණ්ඩායම් කටයුතු සලසා තිබේ.

එමෙන්ම නාවික හමුදාව සඳහන් කළේ පවතින ගංවතුර තත්ත්වය හමුවේ අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට අමතර නාවික හමුදා සහන කණ්ඩායම් 48ක් සූදානමින් තබා ඇති බවයි.

කාලීන පුවත්