ආපදා හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සක්‍රීය කිරීම සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී තිබේ.
වගා හානි සඳහා ගොවි ජනතාවට ප්‍රමාදයකින් තොරව වන්දි මුදල් නිදහස් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ගොවි ජනතාවට වගා හානි දැනුම්දීම සඳහා වඩාත් පහසු හා කඩිනම් ක්‍රම වේද හදුන්වා දෙන ලෙසයි අමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබේ.
ඒ අනුව ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පැමිණ හානි වාර්තා කිරීම, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර වෙත ලිඛිතව දැනුම්දීම, 1918 ක්ෂණික ඇමතුම් අංකයට තොරතුරු ලබාදීම, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සහ ජංගම සේවා වෙත හානි දැනුම්දීම සිදුකළ හැකි බවයි අමාත්‍යංශය සඳහන් කරයි.