අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත.
මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි.
මේ තත්ත්වය නිතර නිතර යම් කෙනෙකුට ඇතිවන්නේ නම් එවිට ස්වාස නාලයේ ඇතුළත බිත්ති ඉදිමීමට පටන් ගනී. ඇතුළත බිත්ති ඉදිමීමෙන් සිදුවන්නේ හුස්ම එහා මෙහා යන මාර්ගය, එනම් ස්වාස නාලය තවදුරටත් පටු වීම ය. හුස්ම ගැනීම සහ පිටකිරීම යනු ස්වාස නාලය දිගේ නිතරම වාතය එහා මෙහා ගමන් කිරීමයි. මෙසේ නිතර වාතය එහා මෙහා ගමන් කරන විට ඉහත විස්තර කළ ආකාරයට ස්වාස නාලය තුළ සෑදුණු දියරය වේලෙන්නට පටන් ගනී. එලෙස වේලී ඝන වනවිට ස්වාස නාලය තවදුරටත් ඝන වී පටු වීමට පටන් ගනී.
යම් කෙනෙකුට මෙසේ වූ විට හුස්ම ගැනීම අපහසු නැතත් එය පිට කිරීම ඉතා අපහසු වෙයි. අසීරුවෙන් හුස්ම පිට කිරීමේ දී ශබ්දයක් ද නිකුත් වෙයි. මේ හැරුණුවිට සැන්දෑ කාලයේ සිට පාන්දර යාමය දක්වා දේශගුණයෙහි උණුසුම අඩු කාලයට හුස්ම ගැනීම අපහසු වීම සහ දේශගුණයෙහි උණුසුම වැඩි දිවා කාලයට හුස්ම ගැනීම සාමාන්‍ය තත්ත්වයට පත්වීම දැකිය හැකි වෙයි.
ඇදුම රෝගයට තිබෙන ප්‍රතිකාර ගැන කතා කරන විට මීට තිබෙන සාර්ථකම ප්‍රතිකාරය ඉන්හේලර් භාවිතය යි. ඊට හේතුව මුඛයෙන් ගන්නා පෙති, කරල් වැනි ඖෂධ රුධිරයට මිශ්‍ර වී ශරීරය පුරාම ගමන් කර පෙනහලුවලට යන්නේ එයින් ඉතා කුඩා ප්‍රමාණයකි. ඉන්හේලර් හෙවත් කටින් උරන දුම ඖෂධ මිශ්‍ර කර ලබා දෙන අතර එය කෙළින්ම ගමන් කරන්නේ පෙනහලුවලට ය. එනිසා එම ප්‍රතිකාරය වඩා සාර්ථක බව ඔබට ම වැටහෙනු ඇත.
මේ ලක්ෂණ පවතින්නේ නම් ඒ ඇදුම රෝගය යි.
ඇදුම රෝගයට තිබෙන ප්‍රතිකාර ගැන කතා කරන විට මීට තිබෙන සාර්ථකම ප්‍රතිකාරය ඉන්හේලර් භාවිතය යි. ඊට හේතුව මුඛයෙන් ගන්නා පෙති, කරල් වැනි ඖෂධ රුධිරයට මිශ්‍ර වී ශරීරය පුරාම ගමන් කර පෙනහලුවලට යන්නේ එයින් ඉතා කුඩා ප්‍රමාණයකි. ඉන්හේලර් හෙවත් කටින් උරන දුම ඖෂධ මිශ්‍ර කර ලබා දෙන අතර එය කෙළින්ම ගමන් කරන්නේ පෙනහලුවලට ය. එනිසා එම ප්‍රතිකාරය වඩා සාර්ථක බව ඔබට ම වැටහෙනු ඇත.
මේ දුම නිසා ස්වාස නාලයේ තදවී ඇති මස් පිඩු බුරුල් වේ. එවිට ඒ මොහොතේ ම ස්වාස නාලය දිග ඇරී රෝගියාට එතෙක් දැනෙමින් තිබූ හුස්ම ගැනීමේ අපහසුතාවය දුරු වනු ඇත.
මෙම ඉන්හේලර් වර්ග 2 කි.
ඒ, එකවරම පපුවෙහි මස් පිඩු බුරුල් කරන කරල් සහ ස්වාස නාලයේ ඉදිමුව සුව කරන කරල් වශයෙනි.
මෙම ඖෂධ දෙවර්ගය ම ඉන්හේලර් ලෙස රෝගියාට උරන්නට ලබා දෙනු ඇත. එම වර්ග දෙක ගෑස් වශයෙන් ද, කරල් වශයෙන් ද ප්‍රතිකාර ලෙස භාවිතා කෙරේ. මුලින් කී කරල් වර්ගය ලබාදෙන්නේ හතිය ඇති විට ය. දෙවනුව කී කරල් විශේෂය ස්වාස නාලයේ ඉදිමුව අඩු කිරීම සඳහා ලබා දෙයි. එම කරල් වර්ගය මාස හයක කාලයක්වත් ලබා ගත යුතුය. එයට හේතුව ස්වාස නාලයේ ඉදිමුව ඇතිවිට එය සතියකින් දෙකකින් හෝ මාසයකින් හමාරකින් සුව වන්නේ නැති නිසා ය. නමුත් බොහෝවිට රෝගීන් කරන්නේ ටික දිනක් ගෙන එයින් සුවයක් නැතිවිට එය නතර කර දැමීම ය. නමුත් එයින් සිදු වන්නේ රෝගය තවත් උත්සන්න අතට හැරීම ය. එනිසා මාස හයක කාලයක් මෙම ප්‍රතිකාරය ගැනීම තුළින් ස්වාස නාලයේ ඉදිමුව සුව කළ හැකි වෙයි.
මේ ඉන්හේලර් වර්ග දෙක එකටම ලබා දන්නේ නැත. එකක් මුලින් දී ඊළඟට අනෙක ලබා දෙන අතර වෛද්‍යවරයා එය නියම කිරීමෙන් පසු අනිවාර්යයෙන් එම උපදෙස් ඒ අයුරින් ම පිළිපැදිය යුතුය.
ඉන්හේලර් භාවිතයෙන් පසුව කට සෝදා දැමිය යුතුවේ. එම ඖෂධවල අඩංගු හෝමෝනය මුඛය තුළ ගෑවීම නිසා එක්තරා දිලීර වර්ගයක් හට ගැනීමට ඉඩ තිබෙන නිසා ය.
බොහෝ රෝගීන් ඉන්හේලර් ගන්නවාට වඩා “හති පෙත්ත” නමින් රෝගීන් අතර ජනප්‍රිය පෙති වර්ගය ගැනීමට කැමති ය. මෙම පෙත්ත ගැනීමේදී දින තුනක් පමණ යන විට හතිය අඩුවේ. නමුත් මෙම පෙති වර්ගය නිසා අධික රුධිර පීඩනය, ඔස්ටියෝපොරෝසිස්, ආමාශයේ තුවාල, ඇස්වල සුද වැනි රෝග පවා හට ගැනීමේ අවදානමක් ඇත.
සමහරුන් ඉන්හේලර් ගැනීමට බිය වන්නේ එවිට එය නැතිවම බැරි වේවි, එයට ඇබ්බැහි වේවි යන බිය නිසා ය. මෙය මිථ්‍යා මතයකි. එය නැතිවම බැරි වන්නේ නිසි පරිදි රෝගය පාළනය කර නොගත් විට ය. එසේම එය දිගටම ගත්තත් අහිතකර වන්නේත් නැත. ඊට හේතුව මෙම ඖෂධවල අඩංගු වන්නේ හෝමෝනයක් නිසා ය. මේ හෝමෝනය අපේ ශරීරය තුළත් පවතියි. එය ඉන්හේලර් මාර්ගයෙන් කෙළින්ම පෙනහලුවලට ලබා දෙන්නේ රෝගය මර්දනය කරන්නට ය.
බොහෝ රෝගීන් ඉන්හේලර් ගන්නවාට වඩා “හති පෙත්ත” නමින් රෝගීන් අතර ජනප්‍රිය පෙති වර්ගය ගැනීමට කැමති ය. මෙම පෙත්ත ගැනීමේදී දින තුනක් පමණ යන විට හතිය අඩුවේ. නමුත් මෙම පෙති වර්ගය නිසා අධික රුධිර පීඩනය, ඔස්ටියෝපොරෝසිස්, ආමාශයේ තුවාල, ඇස්වල සුද වැනි රෝග පවා හට ගැනීමේ අවදානමක් ඇත. ඉහත ද විස්තර කළ පරිදි ඖෂධ පෙති, කරල් ආදිය මුඛ මාර්ගයෙන් ගැනීමේදී එය රුධිරය සමඟ මිශ්‍ර වී ශරීරය පුරා ගමන් කරන නිසා ඉහත කී රෝග තත්ත්වයන් හට ගැනීමට මෙය විශේෂයෙන් බලපානු ඇත.
ඇදුම ඇතිවිට අනිවාර්යයෙන් වැළකිය යුතු දේවල් තිබේ.
මකුළු දැල්, ගෙතුළ දූවිලි, ඇඳන්වල මෙට්ටවල තිබෙන දූවිලි, කැරපොත්තන් වැනි කෘමීන්ගේ අපද්‍රව්‍ය, සීතල දේශගුණය, පින්න ඇදුම රෝගීන් ට අගුණ විය හැකිය. නමුත් මෙවැනි දේවල් ආසාත්මික නොවන අයට ඒවායින් කිසිදු අහිතකර තත්ත්වයක් ඇති නොවේ.
යම් හෙයකින් ඇදුම රෝගියෙකුට රෝගය උත්සන්න වුවහොත් ගෙදරදී ප්‍රතිකාර ලබා දෙමින් නොසිට ඉක්මනින් රෝහලකට රැගෙන යාම සුදුසු වේ. එහිදී ඉක්මන් ප්‍රතිකාර ලබාදී රෝගියා අසාධ්‍ය තත්ත්වයෙන් මුදවා ගැනීමට හැකිවනු ඇත.
මේ ආකාරයට නිසි අයුරින් පාළනය කරන්නේ නම් ඇදුම ඔබට තව දුරටත් කරදරයක් නොවනු ඇත.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
සැකසුම – ඉන්දු පෙරේරා