ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ අවදානම් ස්ථාන රැසක්

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ, ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ අවදානම් ස්ථාන 10කට වැඩි සංඛ්‍යවක් හඳුනාගෙන ඇති බව බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ මාර්ග දෙපස රියදුරන් දැනුවත් කිරීමේ පුවරු සවිකර තිබුණත් රියදුරන් ඒ පිළිබදව නිසි අවදානයක් යොමු නොකරන බවයි පොලිසිය සදහන් කරනලදි.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ 24 වැනි කණුව ආසන්නයේදී බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වුණේ පසුගිය 04 වැනිදා රාත්‍රියේයි.

අනතුරින් බස් රථ රියැදුරු, තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු හා දරුවන් දෙදෙනෙකු ඇතුළු 15 දෙනෙකුට දිවි අහිමි විය.

මේ අතර, මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථය පැදවූ රියදුරුගේ රුධිර සාම්පල අද වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

එසේම අනතුරට ලක්වූ බස්රථයේ සුන්බුන් ද අද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරෙන බවයි පොලිසිය සදහන් කරයි.

කාලීන පුවත්