ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූමිකම්පාවක්

උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ ෂරීෆ් හි රිච්ටර් මාපකයේ 6.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.කිලෝමීටර් 28ක ගැඹුරකින් එම භූ කම්පනය සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරයි.

භූමිකම්පාවෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර එම නගරයේ තලේබාන් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ පළාතේ සියලුම දිස්ත්‍රික්කවල සුළු තුවාල සහ මතුපිට හානි පිළිබඳව වාර්තා ලැබී ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම නගරයේ ලක්ෂ 5කට අධික ජනතාවක් වාසය කරන බවත් භූමිකම්පාව ඇති වූ විට නගරයේ බොහෝ පදිංචිකරුවන් තම නිවාස කඩා වැටෙනු ඇතැයි බියවී වීදිවලින් දිව ගොස් ඇති බවයි.

කාලීන පුවත්