ඉතිහාසයේ පළමු වරට ලෝක වෙෙළඳපොළේ රත්රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව ඊයේ (29) අලුයම රන් අවුන්සයක මිල දැක්වුයේ, අමෙරිකානු ඩොලර් 5,588ක් ලෙසයි.
අමෙරිකානු ඩොලරයේ පවතින අවිනිශ්චිතභාවය හේතුවෙන්, ලොව පුරා අයෝජිකයින් සහ මහ බැංකු රත්රන්වල ආයෝජනය කිරීම සහ සංචිත රැස් කිරීම රත්රන් මිල ගණන් අඛණ්ඩව ඉහළ යාමට හේතුව බව විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.