ඉන්දීය හමුදාපති ශ්‍රී ලංකාවේ සංචාරයක

ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා එළැඹෙන ජනවාරි 7වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.දෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන ජෙනරාල් ද්විවේදි මහතා, ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නායකයින් රැසක් හමුවීමට නියමිතව ඇත.

එහිදී පුහුණු සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.එමෙන්ම මෙම සංචාරය අතරතුර දී ඉන්දීය හමුදාපතිවරයා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) නිලධාරීන් හමුවීමටත්, බුත්තල හමුදා යුද විද්‍යාලයේ නිලධාරීන් සහ පුහුණුවන්නන් හමුවීමටද නියමිතව ඇත.

තවද කොළඹ පිහිටි ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකයට උපහාර දැක්වීමටද ඉන්දීය යුද හමුදාපතිවරයා සැලසුම්කර තිබේ.

කාලීන පුවත්