පසුගිය මැයි 12 වැනිදා රාත්‍රියේ මිනිත්තු 22 ක කාලයක් ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පකිස්තානය සටන් විරාමය කඩ කරන්නට උත්සාහ දරන්නේ නම් ‘සිංදූර්’ මෙහෙයුම නැවත ක්‍රියාත්මක කරන බවට අනතුරු ඇඟවූයේය. පසුගිය මැයි 10 වැනිදා ඉන්දියාව සහ පකිස්තානය සටන් විරාමයකට එකඟ වූ අතර ඇමරිකා එක්සත් ජනපදය විසින් ඒ සඳහා වැඩි බලපෑමක් එල්ල කරන ලද බව පෙනුණි. රටවල් දෙකෙහි ඉහළ පෙළේ බලධාරීන් සමග ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මේ සටන් විරාමය ඇති කිරීමේ කර්තව්‍යයට දායක විය. කෙසේ නමුත් ඉන්දියාව මේ ගැටලුව සම්බන්ධයෙන් පවත්වාගෙන පැමිණි ස්ථාවරය වූයේ මෙයට තෙවැනි පාර්ශ්වයක් සහභාගී නොවිය යුතු බවය.

විශේෂයෙන් අදම්පුර් කඳවුරට ප්‍රහාරයක් එල්ල වූ පුවත අසත්‍ය බව තහවුරු කරන්නට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුගිය 13 වැනිදා උදෑසන අදම්පූර්හි ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂණ පද්ධතිය ඉදිරියේ සිට සිය සෙබළුන්ට ආචාර කරමින් ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කොට තිබිණි.

සටන් විරාමය කඩ කළ බවට රටවල් දෙක විසින්ම එකිනෙකාට චෝදනා එල්ල කර ගනු දක්නට ලැබුණු අතර කිසිවෙක් එය කඩ කළ බව පිළිගන්නට කැමැත්තක් දැක්වූයේ නැත. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පකිස්තානයට අනතුරු ඇඟවීමක් කරන්නේ මේ අතරවාරයේය. එමෙන්ම ශ්‍රී නගර් ගුවන් තොටුපලට සහ පන්ජාබයේ අදම්පූර්හි ඇති ගුවන් හමුදා කඳවුරට ද පකිස්තානය විසින් ප්‍රහාර කළේ යැයි පැතිර යන පුවත ද ඉන්දියාව දැඩි සේ ප්‍රතික්ෂේප කරයි. මේ මර්මස්ථාන දෙකටම පකිස්තානය විසින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ නමුත් සිය ගුවන් ආරක්ෂණ පද්ධති මගින් ඒවා සාර්ථකව ව්‍යර්ථ කළ බව ඉන්දියාව පවසයි. මේ අවස්ථාවේ විදුලිය ඇනහිටීම ආරක්ෂක පියවරක් ලෙස සිදු කරන ලද්දක් බව ද ඉන්දියාව පවසයි. විශේෂයෙන් අදම්පුර් කඳවුරට ප්‍රහාරයක් එල්ල වූ පුවත අසත්‍ය බව තහවුරු කරන්නට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුගිය 13 වැනිදා උදෑසන අදම්පූර්හි ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂණ පද්ධතිය ඉදිරියේ සිට සිය සෙබළුන්ට ආචාර කරමින් ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කොට තිබිණි.
ඉන්දියාව සහ පකිස්තානය අතර දැන් පවතින දැඩි ගැටුම්කාරී තත්ත්වයට හේතුව වූයේ පසුගිය අප්‍රේල් 22 වැනිදා ජම්මු – කාශ්මීර් හි පාහල්ගාම් නම් සංචාරක ගමනාන්තයට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයයි. මෙහිදී සංචාරකයින් 26 දෙනෙකු මරණයට පත් විය. මෙය පකිස්තානය අනුග්‍රහය ඇති ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සිදු කරන ලද්දක් බවට ඉන්දියාව චෝදනා කරන්නට පටන් ගත් අතර ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් ද සිදු නොකරමින්ම ඉන්දියාව පකිස්තානයට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කළ අතර ඉන් පසුව විටින් විට ප්‍රහාර එල්ල කිරීම සිදු විය.
ඉන්දියාව සහ පකිස්තානය අතර ගැටුම මේ රටවල් දෙක බෙදා වෙන් කෙරුණු 1947 වසර දක්වා දිව යයි. නූතන භූදේශපාලනය තුළ මෙතරම් කාලයක් ගැටුම්කාරීව ඇදී ගිය සහ කුමන මොහොතක හෝ යුද්ධයක් ඇවිලිය හැකි ජාතීන් දෙකක් ලෙස ප්‍රකට වී ඇත්තේ ඉන්දියාව සහ පකිස්තානය ය. ඔවුන් අතර පවතින මේ ගැටුම්කාරී ඉතිහාසය අපට සැකෙවින් මෙසේ කතා බහ කළ හැකිය.

1947 අගෝස්තු මාසය වන තෙක්ම තනි දේශයක්ව පැවති ඉන්දියාව, බහුතරය හින්දූන් වෙසෙන කොටස ඉන්දියාව ලෙස ද බහුතර මුස්ලිම් ජාතිකයින් වෙසෙන කොටස පකිස්තානය ලෙස ද වෙන් කරන ලදී. මෙහිදී වර්තමාන බංග්ලාදේශය ද පකිස්තානයට අයත් වූ අතර එය හඳුන්වනු ලැබුයේ නැගෙනහිර පකිස්තානය නමිනි. මේ බෙදා වෙන් කිරීම නිසා ඇති වූ ගැටුම් හේතුවෙන් මිලියන 1 – 2 අතර පිරිසක් මරණයට පත් වූ අතර මිලියන 15කට අධික පිරිසක් අවතැන් වූහ. රාජකීයයන්ගේ පාලනයේ පැවති ජම්මු – කාශ්මීර් ප්‍රදේශය මේ ගැටුම්වලට මූලික වස්තු බීජය විය. මේ රටවල් දෙකම පැවසුයේ මෙ කලාපය තමාට අයත් විය යුත්තක් බවය.
ජම්මු – කාශ්මීර් ගැටලුව හේතුවෙන් මොවුන් අතර පළමු යුද්ධය 1947 – 48 අතර ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශය පාලනය කළ කාශ්මීරයේ මහරාජා ඉන්දියාවට යටත් වූයේය. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් ඇති කරන ලද අතර අවසන් ප්‍රතිඵලය වූයේ මේ ප්‍රදේශය ඉන්දීය පරිපාලනය යටතේ වූ ජම්මු – කාශ්මීරය සහ පකිස්තාන පරිපාලනය යටතේ පවතින අසාද් කාශ්මීර් සහ ගිල්ගිට්-බලිස්තානය ලෙස කොටස් දෙකකට වෙන්වීමය.

ඉන්පසු 1965 දී ජිබ්‍රෝල්ටාර් නමින් මෙහෙයුමක් දියත් කරමින් කාශ්මීරය සම්පූර්ණයෙන් අත්පත් කරගන්නට පකිස්තානය උත්සාහ දැරීමත් සමග නැවත යුද්ධයක් හට ගත්තේය. මෙය දැවැන්ත යුද්ධයක් බවට පත් වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී සටන් විරාමයක් ඇති කළ අතර සෝවියට් දේශයේ මැදිහත් වීමෙන් ටෂ්කන්ට් ගිවිසුම මේ දෙරට අතර අත්සන් තබනු ලැබිණි.
ඉන්පසු මේ රටවල් දෙක අතර 1971 වසරේ දී නැවත යුද්ධයක් හට ගත් අතර එය ප්‍රසිද්ධ වූයේ ‘බංග්ලාදේශ් විමුක්ති සටන’ නමිනි. මෙහිදී නැගෙනහිර පකිස්තානය වෙනම රාජ්‍යයක් බවට පත්වීමේ සටනක් දියත් වූ අතර ඉන්දියාව විසින් බංග්ලාදේශ් ජාතිකවාදී නායකයින්ට ආධාර කරනු ලැබිණි. මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය විසින් පකිස්තානයට ආධාර කරනු ලැබුව ද පකිස්තාන හමුදාවන් ධකා හිදී ඉන්දීය හමුදාවන්ට යටත් විය. අවසානයේ බංග්ලාදේශය නමින් ස්වාධීන රාජ්‍යයක් බිහි විය. මෙහිදී අනූ දහසකට අධික පකිස්තාන සෙබළුන් සිරකරුවන් ලෙස යටත් කර ගනු ලැබිණි. ඉන්දියාව තීරණාත්මක ජයග්‍රහණයක් මෙහිදී ලබා ගත්තේය.
1999 දී කාර්ගිල් හි මර්මස්ථාන කිහිපයකට පකිස්තාන සෙබළුන් සහ යුද පුහුණුව ලත් පිරිසක් ඇතුළු වීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස කාර්ගිල් අර්බුදය හට ගත්තේය. මේ ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව විජායි මෙහෙයුම දියත් කළ අතර විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර බලපෑම හේතුවෙන් පකිස්තාන හමුදා ඉවත් කර ගනු ලැබිණි. එය පකිස්තානයට දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදාමය පසුබෑමක් සනිටුහන් කළේය.

2000 වසරෙන් පසු පකිස්තාන ආධාර ලබන ‘ලක්ෂාර්-ඊ-ටයිබා’ (Lashkar-e-Taiba – LeT) සහ ‘ජයිෂ්-ඊ-මොහොමඩ්’ (Jaish-e-Mohammed -JeM) හමුදා කණ්ඩායම් දේශ සීමා ආසන්නව ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන බවට චෝදනා එල්ල වන්නට පටන් ගැනුණි. 2001 වසරේ දී ඉන්දීය පාර්ලිමේන්තුවට සිදු කළ ප්‍රහාරය ද, 2008 වසරේ දී මුම්බායි ප්‍රහාරය (26/11 නමින් මෙය ප්‍රසිද්ධය) ද සිදු වූ අතර එයට LeT කණ්ඩායම සම්බන්ධ යැයි චෝදනා එල්ල වූ අතර එහිදී 170 දෙනෙක් මරණයට පත් විය. ඉන් පසු 2016 දී පතන්කොට් සහ ඌරි ප්‍රහාරය ද, 2019 දී පුල්වාමා මරාගෙන මැරෙන ප්‍රහාරය ද සිදු විය. පුල්වාමා ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළුන් 40 ක් මරණයට පත් විය.
පුල්වාමා ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පකිස්තානයේ බලාකොත් හි JeM කඳවුරක් ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී පකිස්තානය එල්ල කළ ප්‍රති ප්‍රහාරයෙන් ඉන්දීය ගුවන් නියමුවකු අල්ලා ගත් නමුත් පසුව නිදහස් කරන ලදී.
පසුගිය අප්‍රේල් 22 වැනිදා සිදුවන්නේ මේ රටවල් දෙක අතර වූ ගැටුමේ තවත් එක් අවස්ථාවකි.
මේ ගැටුම කෙමෙන් උත්සන්න වන විට විට ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් මැයි 10 වැනිදා සිට සටන් විරාමයක් ක්‍රියාත්මක වූ අතර දෙරටම පවසන්නේ මෙතෙක් පැවති සටන්වලින් තමා ඉදිරියෙන් සිටින බවය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ තමා සටන නවත්වා නොමැති බවත් සිදු කොට ඇත්තේ හුදෙක් තාවකාලිකව නවතා දැමීමක් පමණක් පවය. දිගින් දිගටම ත්‍රස්තවාදීන්ට ආධාර කළ හොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදු වනු ඇති බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ. මේ සටන් විරාමයේ කරුණු අතර තෙවැනි රටක් තුළ සිදු කෙරෙන සාම සාකච්ඡාවක් ද ඇතුළත් වන බව වාර්තා වේ. බොහෝ විට එය එක්සත් අරාබි එමීර් රාජ්‍යය විය හැකිය.

කෙසේ නමුත් සටන් විරාමය ඇති කොට සුළු මොහොතකින් රටවල් දෙක අතින්ම එය කඩවුණු බවට සිදුවීම් වාර්තා විය. දේශ සීමාව හරහා බලහත්කාරයෙන් ඇතුළු වූයේ යැයි ඉන්දියාව විසින් පකිස්තානයට චෝදනා කරනු ලැබූ අතර පකිස්තානය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබිණි. කෙසේ නමුත් මැයි 12 වැනිදා වන විට දේශ සීමා හරහා ගමන් නොකරන බවට රටවල් දෙකම මේ වන විට පොරොන්දු වී ඇති අතර සාමය පවත්වාගෙන යන බවට දෙරටම සපථ වී තිබේ.
ඉන්දියාව සහ පකිස්තානය අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය දකුණු ආසියාවේ බිඳෙනසුළු සාමය පිළිබඳ පැහැදිලි සටහනක් තබා තිබේ. සටන් විරාමය නිසා මේ රටවල් දෙක තාවකාලිකව සිය සතුරුකම් නවතා දමා ඇති නමුත් කාශ්මීර් අර්බුදය සහ දේශසීමා ආසන්නයේ සිදුවන ත්‍රස්තවාදී කටයුතු තවමත් විසඳී නොමැත.
ගෝලීය හමුදා ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියාව සිටින්නේ 4 වැනි ස්ථානයේ වන අතර පකිස්තානය සිටින්නේ 12 වැනි ස්ථානයේය. හමුදා සෙබළුන්ගේ සංඛ්‍යාව අතින් බලන විට ඉන්දියාව සතුව මිලියන 1.5 සේනාවක් සිටින අතර පකිස්තානයට සිටින්නේ 654,000 ක සේනාවකි. න්‍යෂ්ටික යුද ශීර්ෂ ඉන්දියාවට 160 – 170 අතර ප්‍රමාණයක් ඇති අතර පකිස්තානයට ද ඒ සමාන සංඛ්‍යාවක්ම තිබේ. ඉන්දියාවේ ආරක්ෂාව වෙනුවෙන් වෙන් කොට ඇති මුදල් ප්‍රමාණය පකිස්තානයට වඩා කිහිප ගුණයකින්ම ඉහළය. යම්කිසි අයුරකින් මෙය තියුණු සංග්‍රාමයක් බවට පත්වුවහොත් රුසියාව, ප්‍රංශය සහ ඊශ්‍රායලය ඉන්දියාවට ආධාර ලබා දෙනු ඇති අතර චීනය සහ තුර්කිය පකිස්තානයට ආධාර ලබා දෙනු ඇති බව යුද විශ්ලේෂකයෝ පවසති.
2025 මැයි මාසය තුළ දී ඉන්දියාව සහ පකිස්තානය අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය දකුණු ආසියාවේ බිඳෙනසුළු සාමය පිළිබඳ පැහැදිලි සටහනක් තබා තිබේ. සටන් විරාමය නිසා මේ රටවල් දෙක තාවකාලිකව සිය සතුරුකම් නවතා දමා ඇති නමුත් කාශ්මීර් අර්බුදය සහ දේශසීමා ආසන්නයේ සිදුවන ත්‍රස්තවාදී කටයුතු තවමත් විසඳී නොමැත. සාමය සඳහා මැදිහත් වීමේ දී ජාත්‍යන්තර පජාවේ කාර්යභාරය ගෝලීය වශයෙන් ඉතා වැදගත් කාරණයක් ලෙස ඉස්මතු වෙයි. තිරසාර සාමය සඳහා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වූ ප්‍රයත්නයන්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගැටුමේ මූලික හේතු විසඳා ගැනීමට කැපවීමක් ද අවශ්‍ය වනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක