ඉන්ධන මිල පහළට

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙවරත් ඉන්ධන මිල පහත හෙළා තිබේ.ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 335ක්.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලේ වෙනසක් සිදුව නැහැ.ලංකා ඔටෝ ඩීසල් මිල ද රුපියල් 06කින් අඩු කර තිබේ.එහි නව මිල රුපියල් 277ක්.සුපර් ඩීසල් මිල පහත දැමීම සිදු කර නොමැති අතර භූමිතෙල් මිල ද රුපියල් 05කින් අඩු කර තිබේ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 180 ක් ලෙසටයි දැක්වෙයි.

කාලීන පුවත්