ඉරාන – ඊශ්‍රායලය අතර පැවැත්වෙන යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි.
රොයිටර් පුවත් සේවයට අනුව ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලට B-2 බෝම්බ හෙලන යානා සම්බන්ධ වූ බවද වාර්තා වේ.
B-2 බෝම්බ ප්‍රහාරක යානා යනු අමෙරිකාවේ බංකර් බ්ලාස්ටර් බෝම්බ රැගෙන යා හැකි එකම ගුවන් යානා වන අතර ඉරාන ප්‍රහාරයට අමෙරිකාව භාවිත කර ඇත්තේද මෙම ගුවන් යානා බවද වාර්තා වේ.
ප්‍රහාරයෙන් පසු Truth Social හී සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත්තේ සියලුම ගුවන් යානා ආරක්ෂිතව නිවෙස් බලා යමින් තිබෙන බවත් දැන් සාමයට කාලය වන බවත්ය.