ඇමරිකාව සහ ඊශ්‍රායලයත් අනෙක් පැත්තෙන් ඉරානයත් අතර ඇතිව තිබෙන යුද ගැටුම මේ වනවිට ලෝකයම කම්පනයට, තැති ගැන්මට සහ අස්ථාවරත්වයට පත් කර ඇති සිද්ධියකි. මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් දෙපාර්ශ්වය එකිනෙකා වෙත ප්‍රහාර එල්ල කරගනිමින් සිටි අතර යුද්ධය නතර වන පාටක් දැකිය හැකි වූයේ නැත.
ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ ඉලක්ක වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඉරානය ද ඊශ්‍රායලයටත්, එම කලාපයේ ඇමරිකානු හිතවාදී රාජ්‍යයන් වෙතත් ප්‍රහාර එල්ල කරමින් සිටිනු දැකිය හැකි වේ. සෞදි අරාබියේ රියාද් නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට ද, කුවේටයේ ඇමරිකානු තානාපති කාර්යාලයට ද ඉරාන ප්‍රහාර එල්ල වී තිබිණි. පවතින උණුසුම් තත්වය තුළ බහරේනය, ජෝර්දානය, ලෙබනනය වැනි රටවල ඇමරිකානු තානාපති කාර්යාලවල කටයුතු ද නතර වී ඇති බව සඳහන් ය. මේ අතර සෞදි අරාබියේ ලොකුම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට ද ප්‍රහාරයක් එල්ල වී තිබිණි. එය සැලකෙන්නේ ලෝකයේ ද ලොකුම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ලෙසිනි.

දෙපාර්ශ්වයම තවමත් සාම මාවතකට පිවිසීමේ සූදානමක් නොපෙන්වීම ලොව බොහෝ දෙනා කණස්සල්ලට පත් කරන්නක් වී තිබේ.
මේ අතර අප වැනි රටවල මිනිසුන් තුළ නොසන්සුන්තාවක් ඇති කර තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ තෙල් සැපයුම සහ තෙල් මිල පිලිබඳ ප්රශ්නය යි. යුද්ධය දිගින් දිගට ඇදී ගියහොත් එයින් තෙල් හිඟයක් ඇති වේවි ද, තෙල් මිල විශාල වශයෙන් ඉහළ යාවි ද යන ප්‍රශ්න තවමත් ජනතාව තුළ හොල්මන් කරමින් තිබෙනු දැකිය හැකි වේ. මෙම සටහන එම කාරණයට අදාළව ලියැවෙන්නකි.
මෙම තෙල් ප්රශ්නයේ කේන්ද්‍රයේ ඇති කාරණයක් වන්නේ ඉරානය ආසන්න කලාපයේ තෙල් නැව් ගමනාගමනයට බාධා එල්ල වී තිබීම යි. හෝමුස් සමුද්‍ර සන්ධිය නමින් හැඳින්වෙන සමුද්‍ර සන්ධියක් ඉරානයට දකුණු දෙසින් පිහිටා ඇති අතර එය ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවල දී ඉතා තීරණාත්මක නැව් ගමන් මාර්ගයකි. ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් සියයට 20 ක් පමණ ගමන් කරන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා ය.

මේ නිසා ඉරානයට මෙම සමුද්‍ර සන්ධිය යුද්ධයේ අවියක් ලෙස භාවිත කිරීමට හැකියාව ලැබී ඇත. ඔවුන් මේ වනවිට එය කරමින් සිටින ආකාරයක් දැකිය හැකි වේ.
ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කළ පළමු දිනයේම ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී බලකාය මෙම සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කළේය. සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමෙන් වලකින මෙන් ඔවුහු නෞකාවලට දැනුම් දුන්හ. එසේ ගමන් කරන නැව්වලට ප්‍රහාර එල්ල කරන බව ද එම බලකාය ප්‍රකාශ කළේය.
එම කලාපය ආසන්නයේ නැව් කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇති බවක් ද පසුව මාධ්‍ය හරහා වාර්තා විය. නෞකා තුනකට පහර දුන් බවත්, එ්වා ගිනි ගනිමින් ඇති බවත් එක් දිනක් ඉහත කී බලකාය සඳහන් කර තිබිණි.

මෙම තත්වය තුළ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා කෙරෙන තෙල්, ගෑස් ඇතුළු භාණ්ඩ ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන්ම වාගේ ඇණහිට තිබේ. මේ නිසා ලෝකයේ තෙල් සහ ගෑස් සැපයුමට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ ඉදිරියේ දී බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 දක්වා වුව ද ඉහළ යාමට ඉඩ ඇති බව යි. මෙම සටහන ලියන අවස්ථාව වනවිට (මාර්තු 4* තෙල් බැරලයක මිල පැවතියේ ඇ. ඩොලර් 82 ආසන්නයේ ය. යුද ගැටුම ආරම්භ වීමට පෙර පෙබරවාරි 28 වැනි දින තෙල් බැරලයක මිල ඇ. ඩොලර් 72 ක් පමණ විය.
කි.මී. 105 ක පමණ දිගින් යුතු හෝර්මුස් සමුද්‍ර සන්ධිය පර්සියානු බොක්ක සහ අරාබි මුහුද යා කරමින් පිහිටා ඇති සමුද්‍ර සන්ධියකි. අරාබි මුහුද හරහා ඉන්දියානු සාගරයට පිවිසීමට නෞකාවලට හැකියාව තිබේ. ඉරානය, ඉරාකය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය, කටාර් වැනි රටවල නිපදවනු ලබන තෙල් සහ ගෑස් ප්‍රවාහනය කරන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යි. මෙම තෙල් සහ ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් ආසියානු රටවල් වෙත ප්‍රවාහනය කෙරෙන තොග වීම ද විශේෂත්වයකි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන සමස්ත තෙල් ප්‍රමාණයෙන් සියයට 84 ක් පමණ ද, ගෑස්වලින් සියයට 83 ක් පමණ ද එන්නේ ආසියානු ගමනාන්තයන් වෙත ය. ප්‍රධාන ගැණුම්කරුවන් වන්නේ ඉන්දියාව, දකුණු කොරියාව, චීනය, ජපානය වැනි රටවල් ය.

සාමාන්‍යයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට නැව් 120 ක් පමණ ගමන් කරන බැව් සඳහන් වේ. 2024 වසර තුළ දිනකට බොරතෙල් බැරල් මිලියන 20 ක් පමණ මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර තිබිණි.
තෙල් සැපයුම සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටලූ යම් දුරකට හෝ සමනය කිරීම සඳහා ඔපෙක් ප්ලස් (Opec+) කණ්ඩායමේ රටවල් යම් පියවර ගැනීමට තීරණය කර ඇති බවක් ද පසුගිය දිනවල වාර්තා විය. දිනකට වෙළෙඳපොලට නිකුත් කරන බොර තෙල් බැරල් සංඛ්‍යාව 206,000 කින් පමණ වැඩි කිරීමට ඔවුන් තීරණය කර ඇති බවක් සඳහන් වේ.

සෞදි අරාබිය, රුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මෙක්සිකෝව, ඕමානය, කුවේටය ඇතුළු රටවල් රැසක් මෙම කණ්ඩායමට අයත් වේ.
නිහාල් පීරිස්