උඩරට මාර්ගයේ අද (21) උදෑසන ධාවනය කිරිමට නියමිතව තිබෙන ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබේ.
ඒ පවතින අධික වර්ෂාපතනයත් සමග ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම නිසා දුම්රිය මාර්ගය තවදුරටත් අවහිරවීම හේතුවෙන්.
මාර්ගය අවහිර වීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 07ක් ද අවලංගු කර තිබේ.