උණ හෙම්බිරිසාව තියෙනවනම් දරුවන් පාසල් යවන්න එපා

උණ සෙම්ප්‍රතික්ෂාව කැස්ස ඇති දරුවන් පාසල් සහ පෙර පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඩෙංගු චිකුන් ගුන්යා ඉන්ෆ්ලූවන්සා ඇති දරුවන් පාසල් සහ පෙර පාසල් ගොස් දුවන්න පනින්න ගියහොත් හෘදය වස්තුවට හානිවී( මයෝකාඩා තත්වයක් ඇතිවී) ජීවිත අවදානමක් පවා ඇති විය හැකි බවද ඔහු සඳහන් කරයි.

ඩෙංගු හෝ චිකන් ගුන්යා යැයි සැක නම් එවැනි අවස්ථාවලදී දරුවන්ට මදුරු දැලක් භාවිතා කිරීම වැදගත් බවත් එමගින් සෙසු අයට බෝවීම වළක්වා ගත හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසයි.ඩෙංගු චිකුන් ගුන්යා දෙකම තියෙන රෝගීන්ට ස්වභාවික දියර ආහාර ලබාදීම ඉතා වැදගත් බව පවසන දීපල් පෙරේරා මහතා ඩෙංගු රෝගීන්ට රතු සහ කළු පැහැති ආහාර දීමෙන් වලකින්නැයිද ඉල්ලීමක් කරයි.

ඩෙංගු රෝගය තියෙද්දි වෙහෙස වී කටයුතු කළහොත් විවිධ සංකුලතා ඇති වි ජිවිත පවා හානි විය හැකි බව ඔහු පවසයි.පාචනය රෝගී දරුවන්ද වැඩි වශයෙන් වාර්තා වන බවත් එවැනි දරුවන්ට බැදී හාල් කැඳ ලුණු කැඳ කෙසෙල් වැනි දේවල් ලබා දීම වැදගත් බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසනලදි.

පාචන රෝගීන්ට තෙල් සහිත බටර් චීස් දීමෙන් වලකින්නැයිද ඔහු ඉල්ලීමක් කරනලදි.බස්නාහිර පළාතේ ඩෙංගු සහ චිකන් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

රට පුරා පැතිර යන නව කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් දැනට දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.මේ අතර සෙම්ප්‍රතික්ෂා රෝගීන්ගෙන් සියයට නවයත් දහතුනත් අතර සංඛ්‍යාවකට කොව්ඩ් ආසාදනය වී ඇති බව පෙනී ගොස් ඇතැයි වයඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා පවසයි.

නව කොවිඩ් ප්‍රභේදයේ බලපෑම අඩු බැරෑරුම් තත්ත්වයක පැවතුණත් වයස 65ට වැඩි ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් දැඩි පරිස්සම් විය යුතු බවද ඔහු සඳහන් කරයි.

කාලීන පුවත්