උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත්‍ර කැඳවයි

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය -2024 ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර කැඳවීම හෙට (28) සිට 30 වැනිදා දක්වා සිදු කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසුවාය.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස “අපගේ සේවා” යටතේ ඇති “Exam Information Centre” මත click කිරීමෙන් ද, විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම වන DOE වෙත පිවිස “Exam Information Centre” මත click කිරීමෙන් ද, onlineexams.gov.lk වෙත පිවිසීමෙන් ද අයදුම් කළ හැකියි.

කාලීන පුවත්