ජනාධිපති කෙනෙකු සහ ඔහුගේ බිරිඳ හෙවත් “ආර්යාව” යන දෙදෙනාම එකම කාලයක අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම සාමාන්‍යයෙන් නිතර අසන්නට ලැබෙන සිද්ධියක් නොවෙයි. නමුත් පසුගිය දිනවල එවැනි සිදුවීමක් ගැන මාධ්‍ය හරහා වාර්තා වුණා. මේ කාරණය වාර්තා වුණේ ලංකාව සමගත් සමීප සම්බන්ධයක් තිබෙන දකුණු කොරියාවෙන්.
දකුණු කොරියාවේ වත්මන් ජනාධිපතිවරයාට කලින් ජනාධිපති පදවිය දැරූ යූන් සුක් යෝල් පසුගිය ජුලි මාසයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ වනවිට ඔහු සිටින්නේ බන්ධනාගාරයක යි. එසේ තිබිය දී ඔහු ගේ බිරිඳ ද මේ වෙද්දී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර තිබෙනවා. දකුණු කොරියානු ඉතිහාසය තුළ මේ ආකාරයෙන් ජනාධිපති කෙනෙකු සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම එකම අවස්ථාවක බන්ධනාගාරගත කිරීමක් සිදුව ඇත්තේ පළමු වතාවට යි.
සුව පහසු ජීවිත ගත කරමින් සිටි ඔවුන් මේ වනවිට හුදෙකලා සිර මැදිරිවල ඉතා දුක සේ ජීවත් වන බවයි වාර්තා වන්නේ. ඔවුන් රඳවා සිටින සිර මැදිරිවල ඇත්තේ ආහාර ගැනීම වැනි කටයුතු සඳහා කුඩා මේසයක් සහ නිදා ගැනීම සඳහා මෙට්ටයක් පමණක් බවත් සඳහන්.
යූන් සුක් යෝල් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් එකවරම දකුණු කොරියාව තුළ හමුදා නීතිය පැනවීමට පියවර ගත්තා. හමුදා නීතිය පැනවූ විට කි‍්‍රයාත්මක වන්නේ හමුදා පාලනයකට සමාන තත්වයක්. මේ නිසා ඒකාධිපති ස්වරූපයේ පාලනයකට මඟ විවර වෙනවා.
හිටපු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගන්නා ලද්දේ ව්‍යවස්ථා විරෝධී ලෙස හිටි හැටියේම රට තුළ හමුදා නීතිය පැනවීමේ සිද්ධියක් පසුබිම් කරගෙන යි. ඔහුගේ බිරිඳ කී කියොන් හී අත්අඩංගුවට පත්ව තිබෙන්නේ වංචා, දූෂණ, අල්ලස් ගැනීම් සම්බන්ධ චෝදනා කිහිපයක් යටතේ යි.
යූන් සුක් යෝල් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ගහෙන් ගෙඩි එන්නාක් මෙන් එකවරම දකුණු කොරියාව තුළ හමුදා නීතිය පැනවීමට පියවර ගත්තා. හමුදා නීතිය පැනවූ විට කි‍්‍රයාත්මක වන්නේ හමුදා පාලනයකට සමාන තත්වයක්. මේ නිසා ඒකාධිපති ස්වරූපයේ පාලනයකට මඟ විවර වෙනවා.
යූන් සූක් යෝල් මේ ආකාරයෙන් හමුදා නීතිය පැනවීම රටේ දේශපාලන පක්‍ෂවල සහ ජනතාවගේ දැඩි අප‍්‍රසාදයටත්, කෝපයටත් හේතු වුණා. මේ නිසා ඔවුන් මෙම අත්තනෝමතික කි‍්‍රයාවට එරෙහිව රට පුරා විරෝධතා දැක්වීමට පටන් ගත්තා.
යූන් සුක් යෝල් මේ ආකාරයෙන් හමුදා නීතිය පනවමින් ප‍්‍රකාශ කළේ රටට එරෙහි බලවේග රට තුළ හිස ඔසවමින් සිටින බව සහ ඔවුන් උතුරු කොරියාවට හිතවත් පාර්ශ්ව බව යි. උතුරු කොරියාව යනු දකුණු කොරියාවේ ලොකුම සතුරා ලෙස සැලකෙන රාජ්‍යය බව රහසක් නොවෙයි.
රට තුළ හිස ඔසවන උතුරු කොරියානු හිතවාදී බලවේග මර්ධනය කිරීම සඳහා හමුදා නීතිය පනවන බවකුයි ඔහු පෙන්වූයේ.
ඔහු මෙහි දී රටට එරෙහි බලවේග ලෙස හැඳින්වූයේ ඒ වනවිට බෙහෙවින් බලවත්ව සිටි එරට විරුද්ධ පක්‍ෂ යි. 2024 වසරේ පැවැති මහා මැතිවරණයෙන් පසු එම පක්‍ෂ පාර්ලිමේන්තුව තුළ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන සිටි අතර මේ නිසා ජනාධිපති යෝල්ගේ බලයට විශාල අභියෝගයක් මතු වී තිබුණා. ඔහුගේ ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමත් මේ නිසා දුෂ්කර වී තිබුණා.
එමෙන්ම ඉහත කී විරුද්ධ පක්‍ෂවල තවත් කටයුත්තක් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුව තිබූ බවක් පෙනුණා. එනම් ඔහුගේ බිරිඳ වූ කිම් කියෝන් හීට එරෙහිව එල්ල වී තිබූ වංචා දූෂණ චෝදනා පසුපස විරුද්ධ පක්‍ෂ පන්නමින් සිටීම යි. මෙයත් ජනාධිපතිවරයා තුළ යම් නොසන්සුන්කමක් ඇති කර තිබූ බව පැවසුණා. ඔහු හදිසියේම හමුදා නීතිය පැනවූයේ මෙවැනි පසුබිමක් තුළ යි. යූන් සුක් යොල් හමුදා නීතිය පනවන්නට කි‍්‍රයා කළේ ඔහුට හිසරදයක් වී තිබූ විරුද්ධ පක්‍ෂ මට්ටු කිරීම සඳහා බවයි බොහෝ පාර්ශ්වවල අදහස වුණේ.
කෙසේ නමුත් හමුදා නීතිය පැනවීම සාර්ථක වුණේ නැහැ. දේශපාලන පක්‍ෂවලින් සහ ජනතාවගෙන් එල්ල වූ මහා විරෝධය හමුවේ පැය කිහිපයක් තුළ එය හකුලා ගැනීමට ජනාධිපතිවරයාට සිදු වුණා.
එසේ වූ පමණින් විරුද්ධ පක්ෂ වැඩේ අත ඇරියේ නැහැ. ඔවුන් පාර්ලිමේන්තුව තුළ දෝෂාභියෝගයක් ගෙනැවිත් ජනාධිපතිවරයා ධුරයෙන් පලවා හැරියා. දෝෂාභියෝගය සම්මත කර ගැනීම පහසු වැඩක් නොවුණත් ඔවුන් කෙසේ හෝ ඒ අභියෝග ජය ගන්නට සමත් වුණා.
යූන් සුක් යෝල් හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශණයක් පැවැත්වෙමින් තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරයක රඳවන ලද්දේත් ඊට අදාළව යි. ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ද විභාග වෙමින් ඇති අතර එයින් ඔහු වරදකරු වුවහොත් ජීවිතාන්තය තෙක් සිර දඩුවම් හෝ මරණ දඩුවම හෝ නියම කළ හැකියි.
කලින් සඳහන් කළ ආකාරයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන මාසයක් ගත වෙද්දී ඔහුගේ බිරිඳ හෙවත් “හිටපු ආර්යාව” ද අත් අඩංගුවට ගනු ලැබුවා.
කිම් කියොන් හී අත්අඩංගුවට ගෙන ඇත්තේ සමාගමක කොටස් සම්බන්ධ වංචාවක් පිලිබඳව සහ අල්ලස් ගැනීමක් පිලිබඳව එල්ල වූ චෝදනා යටතේ යි. මේ චෝදනා එල්ල වී කාලයක් ගත වී ඇතත් ඇගේ සැමියා බලයේ සිටි කාලයේ මේ චෝදනා ගැන නිසි ආකාරයෙන් විමර්ශණ පැවැත්වීමට ඉඩ ලැබී නැහැ.
හිටපු ” ආර්යාවට” එරෙහිව එල්ල වී ඇති එක් චෝදනාවක් වන්නේ මෝටර් රථ සමාගමක කොටස්වලට අදාලව සිදු කරන ලද වංචාවක් හරහා ඇය කොරියානු වොන් මිලියන 800 කට ආසන්න මුදලක් උපයා ගෙන ඇති බව යි. මෙය ලංකා රුපියක් කෝටි 17 කට ආසන්න මුදලක්. කිම් මෙම වංචාවේ නිරත වූයේ යයි පැවසෙන්නේ ඇගේ සැමියා ජනාධිපති පදවියට පත්වීමට කලිනු යි.
පසුගිය සතියේ විමර්ශණ නිලධාරීන් ඇයගෙන් පැය හතකට වැඩි කාලයක් ප‍්‍රශ්න කර තිබුණා. ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන් පසුව යි. ඒ සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණේ ඇය සාක්‍ෂි විනාශ කිරීමට කටයුතු කරනු ඇතැයි යන සැකය මත යි.
අනෙක් චෝදනාවෙන් පැවසෙන්නේ මිල අධික අත් බෑග දෙකක් සහ දියමන්ති මාලයක් අල්ලස් ලෙස ලබා ගැනීමක් පිළිබඳව යි. මෙම අල්ලස් ලබාගෙන තිබෙන්නේ ඒවා ලබා දුන් පාර්ශ්වයට යම් යම් ව්‍යාපාරික වාසි සලසා දීම සඳහා බවයි පැවසෙන්නේ.
ඇයට කිසියම් පාර්ශ්වයක් ඉතා වටිනා අත් බෑගයක් ලබා දෙන ආකාරය පෙන්වන්නේ යයි පැවසෙන විඩියෝවක් ද මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත්ව තිබුණා. එය විඩියෝගත කර ඇත්තේ බෑගය ලබා දුන් පාර්ශ්වයම බවත් සඳහන්. ඒ අත්ඔරලෝසුවක සවි කර තිබූ සූක්‍ෂ්ම කැමරාවක් හරහා යි.
කිම් කියොන් හීට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඇගේ සැමියා බලයේ සිටි කාලයේ නිසි ආකාරයෙන් විමර්ශණ නොපැවැත්වුණත් ඔහු ධුරයෙන් පහ කිරීමෙන් පසු පත් වූ නව ජනාධිපතිවරයා ඒ පිලිබඳ විමර්ශණ ආරම්භ කිරීමට කටයුතු කළා.
පසුගිය සතියේ විමර්ශණ නිලධාරීන් ඇයගෙන් පැය හතකට වැඩි කාලයක් ප‍්‍රශ්න කර තිබුණා. ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන් පසුව යි. ඒ සඳහා අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණේ ඇය සාක්‍ෂි විනාශ කිරීමට කටයුතු කරනු ඇතැයි යන සැකය මත යි.
නිහාල් පීරිස්