එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය ජය 2ට 0ක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

පැතුම් නිශ්ශංක වාර්තා කළ විශිෂ්ට ශත­කය සහ නායක චරිත් අස­ලං­කගේ අර්ධ ශත­කය හේතු­වෙන් සිම්බාබ්වේ කණ්ඩා­ය­මට එරෙ­හිව ඊයේ (31) හරාරේ ක්‍රීඩාං­ග­ණයේ පැවති දෙවැනි සහ අව­සන් එක්දින ක්‍රිකට් තර­ගය කඩුලු 5කින් ජය ගැනී­මට සංචා­රක ශ්‍රී ලංකා කණ්ඩා­යම සමත් විය.

මේ සමඟ තරග දෙක­කින් සම­න්විත තර­ගා­ව­ලියේ ජයත් ශ්‍රී ලංකාව සතු වූයේ 2-0ක් ලෙසිනි.තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දෙමින් සිම්බාබ්වේ පිල දුන් ලකුණු 278ක ඉල­ක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දු 3ක් ඉති­රිව තිබි­යදී ජය තහ­වුරු කර ගත්තේ කඩුලු 5ක් පම­ණක් අහි­මි­කර ගනි­මිනි.

ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දුන් පැතුම් නිශ්ශංක සිය 7 වැනි එක්දින ශත­කය රැස් කර­මින් ශ්‍රී ලංකාව ජය­ග්‍රාහී මාව­තට රැගෙන ගියේය.

කාලීන පුවත්