එළවළු මිල ගණන් අධික ලෙස ඉහළට

මහා වර්ෂාපතනය හේතුවෙන් එළවළු නිෂ්පාදන වෙළදපලට ලැබීම අඩුවීම නිසා එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  එළවළු ලැබීම විශාල වශයෙන් අඩු වී තිබෙන බවත් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පෙන්වා දෙති. එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යම් පාළු ගතියක් උදෑසන සිටම දක්නට ලැබුණු බවද වෙළෙන්දෝ පෙන්වා දෙති.

යාපනය දීස්ත්‍රික්කයෙන් යම් මට්ටමකින් එළවළු තොග ලැබීම නිසා එළවළු ප්‍රමාණයක් පවතින බව පෙන්වා දෙන ව්‍යාපාරිකයන් සඳහන් කර සිටියේ යාපනය ප්‍රදේශයේද වැස්ස නිසා අස්වැන්න විනාශ වීම හේතුවෙන් සීමිත ප්‍රමාණයක් බීට , බෝංචි ,කැරට් ,තක්කාලි ,වම්බටු ,අමු මිරිස් ආදී ලැබෙමින් පවතින බවය.

ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් සඳහන් කළේ වගාවන් පසුගිය කාලයේ ඇතිවූ වැස්ස නිසා විනාසයට පත්ව නැවත වගාවන් ආරම්භ කිරීම සඳහා අතිවිශාල මුදලක් වියදම් වන බවත් තෙල් පොහොර සහ අනෙකුත් යෙදවුම්වල මිල වැඩි නිසා වගාවන් පවත්වාගෙන යෑම අපහසු නිසා ඉතා කුඩා ප්‍රමාණයේ වගාවන් සිදුකරන බවයි.

කාලීන පුවත්