ඒකා­බද්ධ තැපැල් වෘත්තීය සමිති වර්ජ­න­යක් අර­ඹයි

ඉල්ලීම් කිහි­ප­යක් මුල්කර ගනි­මින් තැපැල් වෘත්තීය සමිති කිහි­ප­යක් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ­ව­ර්ජ­න­යක් ඇර­ඹීය.

තැපැල් හා විදුලි සංදේශ නිල­ධා­රීන්ගේ සංග­මය ප්‍රමුඛ ඒකා­බද්ධ සමිති පෙර­මුණ විසින් කොළ­ඹදී මාධ්‍ය හමු­වක් කැඳවා මේ බව දැනුම් දෙන ලදි.

එහිදී එම සංග­මයේ ප්‍රකා­ශ­ක­යකු පැව­සුවේ විස­ඳුම් නැති ගැට­ලු­ව­ලට විස­ඳුම් ඉල්ලා පව­ත්වන මේ වර්ජ­න­යට රට පුරා සිය­ලුම තැපැල් සේව­ක­යන් සහ­භාගි වන බවයි.

“රජ­යන් කිහි­ප­ය­ක­ටත්, ජන­මාධ්‍ය ඇමැ­ති­ව­රුන් 11 දෙන­කු­ටත්, තැපැ­ල්ප­ති­ව­රුන් 03 දෙන­කු­ටත් අපේ ගැටලු ඉල්ලීම් අපි ඉදි­රි­පත් කර තිබෙ­නවා. එසේ තිබි­ය­දීත් විස­ඳුම් නැති තැනයි අඛණ්ඩ වැඩ වර්ජ­න­යක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන්න තීර­ණය කළේ. ඒ වගේම මධ්‍යම තැපැල් හුව­මා­රුවේ සවස 4.00 සිට වැඩ වර්ජ­නය ආරම්භ කළා. මම නියෝ­ජ­නය කරන සමස්ත ලංකා තැපැල් සංග­මයේ නිල ඇඳුම් අඳින සේව­ක­යන් 13002ක් ඉන්නවා. අති බහු­ත­ර­යක් අපේ සංග­මය නියෝ­ජ­නය කර­නවා. ඒ සිය­ල්ල­න්ගේම සහාය අපිට ලැබෙ­නවා. එම නිසා අපි අඛ­ණ්ඩව වර්ජ­නය කරන්න කට­යුතු කර­නවා” යැයි ද ඔහු වැඩි­දු­ර­ටත් කීවේය.

කාලීන පුවත්