ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ මෙතෙක් ඉහළම ජයග්‍රහණය වාර්තා කරමින් රන් පදක්කමක් සමග ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දිනා ගත් ටාවි සමරවීර ඊයේ (16) දින පස්වරුවේ දිවයිනයට පැමිණෙනලදි.
ඉතාලියේ පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියට සහභාගී වූ ටාවි සමරවීර එහිදී රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
මීට අමතරව ස්ලෝවෙකියාවේ සෙනෙක් නුවර සහ හංගේරියාවේ සොම්බත්ලේ නුවර පැවති මේස පන්දු තරගාවලි දෙකේ දී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ලෝක ශූර පෝලන්ත ජාතික ක්‍රීඩකයා පරාජයට පත් කිරීමත් සමග ටාවි සමරවීර ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන් වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වී තිබේ.
මෙම තරගාවලි තුන ඉකුත් 03 දින සිට 15 දින දක්වා ස්ලෝවෙකියා , ඉතාලිය සහ හංගේරියාවේ දී පැවැත්විය.