
මේ දිනවල අප සමාජයේ බහුතරයකගේ අවධානය සංවිධානාත්මක අපරාධ කෙරෙහි යොමු වී තිබේ. ඒ නිසාම එම සමාජමය ඉල්ලුම මත පදනම්ව විවිධ මාධ්‍ය මඟින් එම සංවිධානාත්මක අපරාධ සම්බන්ධ පුවත් වඩාත් ආකර්ෂණීය ස්වරූපයෙන් ඉදිරිපත් කරනු ද දක්නා ලැබේ. ඒ ඔස්සේ එහි ශීඝ්‍ර ප්‍රවර්ධනයක් ද දක්නට පුළුවන. විශේෂයෙන් පසුගිය දිනවල විදේශයක දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ සම්බන්ධ සැකකාරියකගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (AI) මගින් වඩාත් විචිත්‍රවත් කර වඩාත් ආකර්ෂණීය අයුරින් ‘ඩීප්ෆේක්’ (Deepfake) ස්වරූපයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනානන්දනීය ස්වරූපයෙන් ඉදිරිපත් කොට තිබෙනු දක්නා ලදී. ඒ අනුව සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ පුද්ගලයන්ගේ සමාජමය ප්‍රතිරූපයන් ඉහළ නැංවීම වැළැක්විය නොහැකි අතර, එවන් ව්‍යාජ මවාපෑම් ඔස්සේ සංවිධානාත්මක අපරාධකරුවන් ද විචිත්‍ර ස්වරූපයෙන් “අපරාධ තරු” ලෙස ජනකාන්ත තත්ත්වයකට පත්වීමේ පහසු අවකාශයක් පවතී.
මේ අතර කෘත්‍රිම බුද්ධිය (AI) මගින් වැරදි තොරතුරු සමාජගත වීම බරපතල සමාජ අර්බුද රැසකට මුල පුරන්නකි. එබැවින් එය වැළැක්වීම සඳහා, අදාළ සමාගම් විසින් එම කෘත්‍රිම බුද්ධිමය ඉදිරිපත් කිරීම් පිළිබඳව පැහැදිලිව හෙළි කළ යුතු බවට පසුගිය දා ඉන්දීය රජය යෝජනාවක් ඉදිරිපත් කොට තිබූ අතර මීට පෙර යුරෝපා සංගමය සහ චීනය විසින් ද මෙම යෝජනාව ගෙනැවිත් තිබේ. නමුත් එවන් නියාමනයක් හෝ පාලනයක් අප රට තුළ නොවීම මත සංවිධානාත්මක අපරාධකාරියක සිනමා හෝ රූපවාහිනී තාරුකාවියක මෙන් ජනකාන්ත තත්ත්වයට පත් කිරීමට තරම් සමාජ මාධ්‍ය අගතිගාමී වී තිබේ. පසුගිය දිනයෙක සරසවි ආචාර්ය වරියක මා හා කීයේ විදේශයක දී අත්අඩංගුවට පත් සැකකාරිය සිය රුව රැක ගැනීමේ රහස් පිළිබඳ යමක් කිවහොත් විශාල පිරිසක් ඒවා අනුගමනය කරන මට්ටමට වත්මන් ජන විඥානය සැකසී ඇති බවකි. එපමණක් නොවේ. සමාජයේ අත්දැකීම් මුහුකුරා නොගියවුන් තුළ සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් වීරාභිවාදනයක් ඇතිවන ආකාරයේ පුවත් “පණ පොවා” පළ කිරීම ඔස්සේ මේ කාලයේ සුපිරි ක්‍රීඩකයන්, සුපිරි කලාකරුවන් වෙනුවට සුපිරි අපරාධකරුවන් බිහි කිරීමේ බිහිසුණු මෙහෙයුමකට අද වන විට බොහෝ මාධ්‍ය අත පොවා තිබේ. ඉතා සරල උපමාවකට අනුව කිව හොත් මෙය වත්මන් සමාජය තුළ අපරාධ බීජ තවාන් දැමීමකි.
අද වන විට අප සමාජය තුළ බලාත්මක වී ඇති නව ලිබරල්වාදය යනු මානවවාදය සහ සදාචාරය පසු ගන්වා නිදහස් වෙළඳපොළ තරඟකාරිත්වයේ වටිනාකම දැඩිව අවධාරණය කරන අගතිගාමී දේශපාලන හා ආර්ථික දර්ශනයකි. ආර්ථිකය හා සමාජමය කටයුතු සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම අවම කිරීම, රාජ්‍ය ව්‍යවසායකයන් සහ සේවා පෞද්ගලික අංශයට පැවරීම හෙවත් පෞද්ගලීකරණය (Privatization) එහි මූලික ලක්ෂණයන් ය. එමෙන්ම ව්‍යාපාර සහ මූල්‍ය වෙළඳපොළ සඳහා ඇති නීතිමය බාධක ඉවත් කිරීම හා නියාමන ලිහිල් කිරීම (Deregulation) ආදිය මුල් කරගෙන මූල්‍යමය වාසි උදෙසා ඕනෑම දෙයක් කිරීමේ සමාජමය අවකාශය පුළුල් කොට තිබේ. සමාජවාදී දර්ශනය මත ස්ථාපිත වූ පක්ෂයක බහුතරයක් රාජ්‍ය පාලනයට සම්බන්ධ වර්තමානයේ මෙවන් තත්වයක් දක්නට ලැබීම ගැමි වහරකට අනුව කිවහොත් “වැටත් නියරත් ගොයම් කන” තත්වයකි.
අද වන විට අප සමාජය තුළ බලාත්මක වී ඇති නව ලිබරල්වාදය යනු මානවවාදය සහ සදාචාරය පසු ගන්වා නිදහස් වෙළඳපොළ තරඟකාරිත්වයේ වටිනාකම දැඩිව අවධාරණය කරන අගතිගාමී දේශපාලන හා ආර්ථික දර්ශනයකි. ආර්ථිකය හා සමාජමය කටයුතු සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම අවම කිරීම, රාජ්‍ය ව්‍යවසායකයන් සහ සේවා පෞද්ගලික අංශයට පැවරීම හෙවත් පෞද්ගලීකරණය (Privatization) එහි මූලික ලක්ෂණයන් ය. එමෙන්ම ව්‍යාපාර සහ මූල්‍ය වෙළඳපොළ සඳහා ඇති නීතිමය බාධක ඉවත් කිරීම හා නියාමන ලිහිල් කිරීම (Deregulation) ආදිය මුල් කරගෙන මූල්‍යමය වාසි උදෙසා ඕනෑම දෙයක් කිරීමේ සමාජමය අවකාශය පුළුල් කොට තිබේ. සමාජවාදී දර්ශනය මත ස්ථාපිත වූ පක්ෂයක බහුතරයක් රාජ්‍ය පාලනයට සම්බන්ධ වර්තමානයේ මෙවන් තත්වයක් දක්නට ලැබීම ගැමි වහරකට අනුව කිවහොත් “වැටත් නියරත් ගොයම් කන” තත්වයකි.
මෙය තව දුරටත් විස්තර කළහොත් මේ වන විට බලගැන්වී ඇති නව ලිබරල්වාදය (Neoliberalism) සහ අලෙවිකරණය (Marketing) යනු වත්මන් පාරිභෝගික සංස්කෘතිය නිර්මාණය කිරීමේදී එක හීයේ බැඳි ගොනුන් දෙදෙනකු මෙන් එකිනෙකට සමීපව බැඳී එක්ව ක්‍රියා කරයි. නව ලිබරල්වාදයේ ආර්ථික දර්ශනය, අලෙවිකරණයේ ස්වභාවය සහ සමාජය තුළ එහි කාර්ය භාරය බරපතළ ලෙස විපරීත කර ඇත. එය කෙතරම් අමානුෂික මට්ටමක් තෙක් දිව යන්නේ ද කිවහොත්, සමාජමය ඉල්ලුමක් පවතී නම් මිනී මස් වුව අලෙවි කිරීම තෙක් වන අන්තරායකට නව ලිබරල්වාදයේ නිම් වළලු පුළුල් වෙමින් තිබේ.
අප රටේ ප්‍රසිද්ධ ජනමාධ්‍යවල තිබිය යුතු වගකීම් සහගත බව සමාජ මාධ්‍යවල නොතිබීම නිසා සමාජ මාධ්‍යකරුවෝ අතිශය අවිනීතවත්, සදාචාර විරෝධී සන්නිවේදන මංපෙතකට මේ වන විට අවතීර්ණව සිටිති. එය ප්‍රසිද්ධියේ අසභ්‍ය වදන් භාවිතයේ සිට ඕපාදූප ගණයේ අසංවිධිත පුවත් තොරතුරු ප්‍රකාශනය තෙක් විහිද පවතී. එමෙන්ම ඒ සම්බන්ධ පොදු ජන රුචිය වේගවත්ව ඉහළ යාම මත ප්‍රසිද්ධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අතර තරඟය මේ වන විට අතිශය උණුසුම් මට්ටමකට පැමිණ තිබේ. ඒ අනුව සමාජයේ බහුතරයේ මනාපය පරිදි සංවිධිත තොරතුරු වෙනුවට යමක් පිළිබඳ තොරතුරු “අමුවෙන්” ප්‍රකාශ කිරීමේ නව මාධ්‍ය සම්ප්‍රදායක් අප රටේ සමාජ මාධ්‍ය අරඹා තිබේ. අද වන විට එය කෙතරම් ජනානන්දනීය ද කිවහොත්, ප්‍රසිද්ධ මාධ්‍ය මඟින් පළ කරන පුවත් අබල දුබල බවට ඇති සමාජමය පිළිගැනීම සමාජ සම්මතයක් වන දිනය වැඩි ඈතක නොවේ. මේ වන විට අප රටේ පුවත් පත් කර්මාන්තයේ ශීඝ්‍ර පසුබෑමට මෙය ද හේතු වී තිබේ.නමුත් ඒ සම්බන්ධයෙන් එම පාර්ශවයෙන් ප්‍රතිරෝධයක් එල්ල වන බවක් ද දක්නට නැත.
අතිශය අගතිගාමී සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශන රටාව නිසා දිනපතා සිදුවන චරිත හා ආත්ම ඝාතන සංඛ්‍යාව වේගයෙන් ඉහළ නඟිනු පෙනෙයි. එමෙන්ම යම් අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට පත්වීමත් සමඟ එම අපරාධය මුල් කරගත් කතාවක් ප්‍රබන්ධය කරන බොහෝ සමාජ මාධ්‍යකරුවෝ එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් වීමටත් පෙර නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට තරම් අමානුෂික වෙති. එමෙන්ම සමාජයේ ප්‍රකට පුද්ගලයන්ගේ පවුල් අර්බුද ආදියේ දී ඔවුන්ගේ “නිදන කාමර” වලට පමණක් නොව නාන කාමරවලට හා වැසිකිලිවලට පවා එබී බලා පුවත් වාර්තා කිරීම මත ඊට අදාළ පුද්ගලයන්ගේ චරිත ඝාතනයන් සිදුවීමේ පැහැදිලි හැකියාවක් තිබේ.
නමුත් ඒ අතිශය අගතිගාමී සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශන රටාව නිසා දිනපතා සිදුවන චරිත හා ආත්ම ඝාතන සංඛ්‍යාව වේගයෙන් ඉහළ නඟිනු පෙනෙයි. එමෙන්ම යම් අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට පත්වීමත් සමඟ එම අපරාධය මුල් කරගත් කතාවක් ප්‍රබන්ධය කරන බොහෝ සමාජ මාධ්‍යකරුවෝ එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් වීමටත් පෙර නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට තරම් අමානුෂික වෙති. එමෙන්ම සමාජයේ ප්‍රකට පුද්ගලයන්ගේ පවුල් අර්බුද ආදියේ දී ඔවුන්ගේ “නිදන කාමර” වලට පමණක් නොව නාන කාමරවලට හා වැසිකිලිවලට පවා එබී බලා පුවත් වාර්තා කිරීම මත ඊට අදාළ පුද්ගලයන්ගේ චරිත ඝාතනයන් සිදුවීමේ පැහැදිලි හැකියාවක් තිබේ. නමුත් මෙම සමහර තොරතුරු ප්‍රකාශනයන් “කපුටු පිහාටුවේ කතාව” සිහි ගන්වන සුළු ය. එමෙන්ම මෙවන් අවිනීතවත්, සදාචාර විරෝධී සමාජ මාධ්‍ය භාවිතයන් ජනප්‍රිය වන තරමට ඒ සඳහා යොමු වන වෙළඳ ප්‍රචාරණවල ද ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබේ. නව ලිබරල්වාදී ප්‍රචාරක හා අලෙවිකරණ සංස්කෘතික ලක්ෂණයක් වන මේවායින් එම වෙළඳ ආයතන සේම එකී වැඩසටහන් ඉදිරිපත් කරන සමාජ මාධ්‍යකරුවෝ ද අති විශාල ආර්ථික වාසි ලබති. එමෙන්ම සමාජ මාධ්‍ය සම්බන්ධ මෙම අගතිගාමී ප්‍රවණතාව ආදර්ශයට ගන්නා ප්‍රසිද්ධ මාධ්‍ය ද තම ආචාර ධර්මීය හා මූලික සදාචාර සීමාවේ වැට පැනීම් දැන් දැන් දක්නට ලැබේ. කිසියම් සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවලට පූර්වගාමීව තම තීන්දු තීරණ ප්‍රකාශ කිරීම මඟින් පාඨක ආකර්ෂණය ලබා ගැනීම එවැනි අනිසි උපාය මාර්ගයකි.
මෙම තත්වය නිරන්තරයෙන් පැවතීම මත වත්මන් සමාජයේ පවත්නා සදාචාර මට්ටම වේගවත් පසුබෑමකට ලක් වීමත් ජන මනැස ඒවාට කෙමෙන් හුරුවීමත් වළකනු නොහැක. එනිසා හුදු දේශපාලන වාසි ගැනීම් වෙනුවෙන් වත්මන් අවිනීත හා සදාචාර විරෝධී මාධ්‍ය රැල්ල දේශපාලනිකව යටපත් කිරීමේ අදහස ඉවත ලා සියලු මාධ්‍යයන් සඳහා සමාජයේ කාටත් පිළිගත හැකි පොදු නියාමනයක් හඳුන්වා දීම ආණ්ඩුවේ ප්‍රමුඛතම වගකීමකි.
හිටපු මානව විද්‍යා මහචාර්ය ප්‍රණීත් අභයසුන්දර