
ශ්‍රී ලංකාවට මෑතක දී බලපෑ සුළි කුණාටු තත්ත්වය රට පුරා උණුසුම් විවාදයක් ඇති කර තිබේ. හානිය සිදු වූ පසුව, ශ්‍රී ලංකා රජය විසින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට විවෘතවම දොස් පැවරූ අතර, සුළි කුණාටුවේ දරුණු ස්වභාවය පිළිබඳ නියමිත වේලාවට නිල අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එම ආයතනය අපොහොසත් වූ බවට චෝදනා කර සිටියේය.
මෙම චෝදනාව පොදු මහජනතාව තුළ සැබෑ කලකිරීමක් පිළිබිඹු කරන අතරම, ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ගැඹුරු ගැටලුවක් ද මතු කරයි. ඒ ඩිජිටල් වශයෙන් දියුණු යුගයක, නවීන, ඩිජිටල්කරණය පිළිබඳ නිතර කතාබහ කරන රජයක් දිගින් දිගටම සම්ප්‍රදායික, කේන්ද්‍රගත කාලගුණ අනාවැකි මත පමණක් විශ්වාසය තැබිය යුතුද යන්නය.
අද වන විට, ඕනෑම පුරවැසියෙකුට ලබා ගත හැකි නවීන තාක්‍ෂණික මෙවලම් සමඟින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැනි තනි ආයතනයක් මත පමණක් කාලගුණික තොරතුරු ලබාගැනීමේ භූමිකාව වෙනස් වී තිබේ. කාලගුණ තොරතුරු තවදුරටත් තනි දෙපාර්තමේන්තුවකට පමණක් සීමා වී නැත. ගෝලීයකරණය, ජංගම තාක්‍ෂණය සහ විවෘත දත්ත වේදිකා මඟින් ඇති කර ඇති පරිවර්තනය නිසා මේ තොරතුරු තනි පුද්ගල වශයෙන් ලබා ගැනීමේ හැකියාව ලැබී තිබේ. එම නිසා, සෑම ස්මාර්ට් ජංගම දුරකථනයකම මේ සඳහා වූ විකල්ප තිබියදී, ජාතියට අනතුරු ඇඟවීමේ වගකීම දරන්නේ දේශීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පමණක් යැයි අපේක්ෂා කිරීම ක්‍රමයෙන් ප්‍රායෝගික නොවන සහ යල් පැන ගිය දෙයක් බවට පත්ව තිබේ.

අද වන විට, ඕනෑම පුරවැසියෙකුට ලබා ගත හැකි නවීන තාක්‍ෂණික මෙවලම් සමඟින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැනි තනි ආයතනයක් මත පමණක් කාලගුණික තොරතුරු ලබාගැනීමේ භූමිකාව වෙනස් වී තිබේ. කාලගුණ තොරතුරු තවදුරටත් තනි දෙපාර්තමේන්තුවකට පමණක් සීමා වී නැත. ගෝලීයකරණය, ජංගම තාක්‍ෂණය සහ විවෘත දත්ත වේදිකා මඟින් ඇති කර ඇති පරිවර්තනය නිසා මේ තොරතුරු තනි පුද්ගල වශයෙන් ලබා ගැනීමේ හැකියාව ලැබී තිබේ. එම නිසා, සෑම ස්මාර්ට් ජංගම දුරකථනයකම මේ සඳහා වූ විකල්ප තිබියදී, ජාතියට අනතුරු ඇඟවීමේ වගකීම දරන්නේ දේශීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පමණක් යැයි අපේක්ෂා කිරීම ක්‍රමයෙන් ප්‍රායෝගික නොවන සහ යල් පැන ගිය දෙයක් බවට පත්ව තිබේ.
අතීතයේ දී කාලගුණ අනතුරු ඇඟවීම් සැපයීමේ එකම බලයලත් භූමිකාව ඉටු කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසිනි. විශේෂිත දත්ත, චන්ද්‍රිකා රූප සහ අනාවැකි ආදිය සඳහා ප්‍රවේශය තිබුණේ එම දෙපාර්තමේන්තුවට පමණි. පුරවැසියන්, මාධ්‍ය සහ රාජ්‍ය ආයතන එහි නිල නිවේදන මත සම්පූර්ණයෙන්ම රඳා පැවතුණි. තොරතුරු ගලා යාම ඒක දිශාභිමුඛ සහ කේන්ද්‍රගත විය. නමුත් නවීන තාක්‍ෂණික දියුණුව නිසා මෙම ක්‍රමය සහමුලින්ම වෙනස් වී තිබේ.
ගෝලීයකරණයත් සමඟ කාලගුණ විද්‍යාත්මක දත්ත තවදුරටත් ජාතික දේශසීමා තුළ සීමා වී නැත. Google Weather, Windy, AccuWeather, Ventusky, The Weather Channel සහ ජාත්‍යන්තර කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන වැනි වේදිකා මඟින්, ජංගම දුරකථන තිරය මත ඇඟිල්ල තැබීමෙන් පමණක් ගෝලීය වශයෙන් ලබාගත්, අඛණ්ඩව යාවත්කාලීන වන දත්ත බහුලව සපයයි. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA), එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA), ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) සහ යුරෝපීය මධ්‍යම පරාසයක කාලගුණ අනාවැකි සඳහා වූ මධ්‍යස්ථානය (ECMWF) ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ සංවිධානවල චන්ද්‍රිකා දත්ත මෙම වේදිකා මඟින් ඒකාබද්ධ කරයි.
විවෘත ප්‍රවේශ කාලගුණ විද්‍යා තොරතුරු ඇතුළත් මෙවැනි පද්ධති මඟින් පවසන්නේ ඕනෑම පුරවැසියෙකුට නිල මාධ්‍ය නිවේදනයක් හෝ රජයේ මාධ්‍ය සාකච්ඡාවක් එනතෙක් බලා නොසිට, තත්‍ය කාලීන කාලගුණ යාවත්කාලීන කිරීම්, එනම්, සුළං වේගය, වර්ෂාපතන අනාවැකි, සුළි කුණාටු සහ මුහුදු රළ ගැටීම පිළිබඳ අනතුරු ඇඟවීම් ආදී සියල්ල පරීක්ෂා කළ හැකි බවයි.

මෙම ඩිජිටල් පරිවර්තනය නිසා කාලගුණික තොරතුරු සඳහා වගකිව යුත්තේ අසවල් ආයතනය පමණක් යැයි තවදුරටත් වගකීම පැවරීම අවශ්‍ය වන්නේ නැත. ඒ මන්දයත් තොරතුරු ලබාගැනීමේ හැකියාව අපගේ ඇඟිලි තුඩු කෙළවරටම පැමිණ තිබේ. ජංගම යෙදුම් මඟින් මේ වන විට තත්‍ය කාලීන ස්ථානගත අනාවැකි, වායු පීඩන වාර්තා, සුළං දිශා යාවත්කාලීන කිරීම් සහ චන්ද්‍රිකා රූප කෙලින්ම පරිශීලකයා වෙත ලබා දේ. ගෝලීය වශයෙන් ඒකාබද්ධ වේදිකා හරහා, ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයෙකුට කාලගුණ විද්‍යාඥයෙකුට සමාන ආකාරයකින් බෙංගාල බොක්ක හෝ ඉන්දියානු සාගරය අසල නිර්මාණය වන සුළි කුණාටුවක චලනය නිරීක්ෂණය කළ හැකිය. ජංගම දුරකථනවලට දැන් රතු අනතුරු ඇඟවීම්, ඇම්බර් අනතුරු ඇඟවීම්, කුණාටු දැනුම්දීම් සහ අධික වර්ෂාපතන අනතුරු ඇඟවීම් රාජ්‍ය ආයතන මත යැපීමකින් තොරව ඍජුවම ලබා ගත හැකිය. Google Alerts සහ වෙනත් කාලගුණ වේදිකා පැය ගණනකට හෝ දින ගණනකට පෙර පවා පූර්ව අනතුරු ඇඟවීම් සපයයි. එබැවින් කාලගුණ අනතුරු ඇඟවීම් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ‘බයිට්’ කළ යුතු නැත.
ජපානය වැනි ඉහළ දියුණු කාලගුණ විද්‍යා පද්ධති ඇති රටවල්, ලෝකයේ වඩාත්ම නිවැරදි අනාවැකි ලබා දීමට හැකිවන පරිදි කාලගුණ විද්‍යාව, සාගර විද්‍යාව, භූ කම්පන විද්‍යාව සහ භූගෝල විද්‍යාව සමඟ ඒකාබද්ධ කර තිබේ. ශ්‍රී ලාංකිකයන්ට ද මෙම ලෝක මට්ටමේ දත්ත ක්ෂණිකව ලබා ගත හැකි අතර, එම නිසාම තනි ජාතික අධිකාරියක් මත යැපීම තවදුරටත් අඩු කරයි.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින්නේ ඩිජිටල්කරණය, නවීකරණය සහ තාක්‍ෂණික ඒකාබද්ධතාව විවෘතවම අනුමත කරන රජයකි. ඩිජිටල් බදු පද්ධති, මාර්ගගත හැඳුනුම්පත් සහ ස්මාර්ට් පොදු සේවාවන් වැනි සබැඳි සේවා අනුගමනය කිරීමට පුරවැසියන් දිරිමත් කරන්නේ නම්, කාලගුණයට අදාළ තොරතුරු ද ඩිජිටල් ක්ෂේත්‍රයට ඇතුළු වී ඇති බව පිළිගත යුතුය.
ඩිජිටල් අනාගතයක් පිළිබඳ සැලසුම් කරන රජයක් අද දින තොරතුරු ගලා යන්නේ තනි නාලිකාවක් හරහා නොව, බහු නාලිකා හරහා බව පිළිගත යුතුය. පුරවැසියන් තවදුරටත් බදු හඳුනා ගැනීමේ අංකයක් (TIN) ලබා ගැනීමට භෞතිකව රජයේ කාර්යාලවලට නොයනවා සේම, ගෝලීය සේවාවන්, තත්‍ය කාලීන දත්ත වෙත ක්ෂණික ප්‍රවේශය ලබා ගැනීම සඳහා ඔවුන් තනි දෙපාර්තමේන්තුවක අනාවැකි මත පමණක් රඳා සිටීමට අපේක්ෂා නොකළ යුතුය.
ඩිජිටල් අනාගතයක් පිළිබඳ සැලසුම් කරන රජයක් අද දින තොරතුරු ගලා යන්නේ තනි නාලිකාවක් හරහා නොව, බහු නාලිකා හරහා බව පිළිගත යුතුය. පුරවැසියන් තවදුරටත් බදු හඳුනා ගැනීමේ අංකයක් (TIN) ලබා ගැනීමට භෞතිකව රජයේ කාර්යාලවලට නොයනවා සේම, ගෝලීය සේවාවන්, තත්‍ය කාලීන දත්ත වෙත ක්ෂණික ප්‍රවේශය ලබා ගැනීම සඳහා ඔවුන් තනි දෙපාර්තමේන්තුවක අනාවැකි මත පමණක් රඳා සිටීමට අපේක්ෂා නොකළ යුතුය.
එකිනෙක සම්බන්ධිත ඩිජිටල් පරිසරයක් තුළ අනතුරු ඇඟවීම් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට දොස් පැවරීම තුළින්, කාලගුණ තොරතුරු මේ වන විටත් අපගේ ඇඟිලි තුඩු කෙළවර පවතින සත්‍යය නොසළකා හැරීමක් වෙයි. එය ඩිජිටල් ලෙස සවිබල ගැන්වූ සමාජයක් පිළිබඳ පුළුල් රජයේ දැක්ම සමඟ ද ගැලපෙන්නේ නැත.

පුළුල් ඩිජිටල් ප්‍රවේශයක් පවතින කාලයක, “අපට අනතුරු ඇඟවීම් නිසි පරිදි ලබා දුන්නේ නැත” යන ප්‍රකාශය එතරම් වලංගු වන්නේ නැත. මෙයට දශක කිහිපයකට පෙර නම් එවැන්නකට සාධාරණ ඉඩකඩක් තිබිණි. විවිධ ඩිජිටල් යෙදුම් මඟින් සෑම පැයකම සුළි කුණාටු ගමන් මාර්ග යාවත්කාලීන කරන සහ Google ස්වයංක්‍රීය ඇඟවීම් ජංගම දුරකථන වෙත යවන තත්ත්වයක් තුළ වගකීමේ ස්වභාවය වෙනස් වේ.
සයිබර් අවකාශය තුළ, කාලගුණික අනාවැකි නිල ලෙස දැනුම් දෙන තුරු බලා සිටිය යුතු නොවේ. ඒවා ක්ෂණිකව ජංගම දුරකථනයකින් පවා ලබා ගත හැකි අතර, ඕනෑම කෙනෙකුට ප්‍රවේශ විය හැකිය.
ස්මාර්ට්ෆෝන්වල පවතින කාලගුණ යෙදුම්, තත්‍ය කාලීන ඇඟවීම්, ගෝලීය දත්ත ඒකාබද්ධ කිරීම සහ පුරවැසි මට්ටමේ අනාවැකි පලකිරීමේ මෙවලම් වෙත ප්‍රවේශය වැඩිවීම, ස්වාභාවික විපත් සඳහා සමාජය සූදානම් වන ආකාරයෙහි ගැඹුරු වෙනසක් නියෝජනය කරයි. කාලගුණ අනාවැකි තවදුරටත් දුරස්ථ, ආයතන මූලික කරගත් ක්‍රියාවලියක් නොවේ. එය පුද්ගලික, ක්ෂණික සහ පරිශීලක කේන්ද්‍රීය අත්දැකීමකි. විකල්ප බොහෝ තිබියදී, එක් ආයතනයකට පමණක් දොස් පැවරීම යනු හුදෙක් බුෆේ ආකාරයෙන් කෑම ලබා දෙන අවස්ථාවක, යම් කෑම වර්ගයක් බෙදා ගන්නට නොහැකි වීම නිසා ඒ සම්බන්ධව සිදුකෙරෙන දෝෂාරෝපණයක් වැනිය.
මෙම විකාශනය වන පරිසරය තුළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එහි සන්නිවේදන පද්ධති වැඩිදියුණු කළ යුතු නැති බවක් නොඇඟවෙයි. ඒවා අනිවාර්යයෙන්ම කළ යුතුය. නමුත් සමස්ත ලෝකයේම කාලගුණ විද්‍යාත්මක දත්ත වචනාර්ථයෙන්ම අපගේ සාක්කුවේ තිබියදී, රජය සහ මහජනතාව තවදුරටත් එක් ආයතනයක් මත පමණක් රඳා සිටිය යුතුද යන ගැටලුව අප ඉදිරියේ පවතී. කාලගුණ තොරතුරු ප්‍රජාතන්ත්‍රවාදී වෙමින් පවතී. තොරතුරු විමධ්‍යගත වෙමින් පවතී. ස්වාභාවික විපත්වලදී දැනුවත්ව සිටීමේ බලය වැඩි වැඩියෙන්, සහ නොවැළැක්විය හැකි ලෙසින්, ජනතාව අතට පත් වෙමින් තිබේ. ස්වාභාවික විපත් කෙමෙන් වැඩිවෙමින් පවතින යුගයක, අප ඇඟිලි තුඩු අග පවතින පහසුකම් නිසි පරිදි භාවිත කළ යුතුය යන්න හොඳින්ම සිහියේ තබා ගත යුතුව තිබේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක