කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (28) ප්‍රථම වරට ඒකක 19,500 සීමාව පසු කර තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 50.15කින් ඉහළ ගොස් ඒකක 19,517.86ක් ලෙස සටහන් වී තිබෙන බවයි වාර්තා වෙයි.
එමෙන්ම S&P SL20 මිල දර්ශකය ඒකක 23.30කින් ඉහළ ගොස් ඒකක 5,778.34ක් ලෙස සටහන් වී තිබේ.ඒ අනුව සමස්ත ගණුදෙනු පිරිවැටුම සටහන් වන්නේ රුපියල් බිලියන 6.16ක් ලෙසයි.