කොළඹ උතුර පොලිස් කොට්ඨාසය තුළ සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය සම්බන්ධයෙන් විශේෂ යතුරුපැදි ඒකකයක් ස්ථාපිත කර තිබේ.
එම යතුරුපැදි ඒකකයේ විසිරයාමේ උත්සවය මෝදර පොලිස් ස්ථානයේ පැවැත්වුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.
පැය 24 පුරා ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වන මෙම යතුරුපැදි බලකාය ඕනෑම අපරාධයකදී ක්ෂණිකව මාර්ග බාධක සඳහා යොදාගැනීමට නියමිතයි.