කොළඹ කොටස් වෙළඳපොළේ ඊයේ (01) සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) තවත් ඉහළ අගයක් වාර්තා කර තිබේ. ඒ අනුව දිනය අවසන් වන විට ASPI දර්ශකය ඒකක 271.77කින් (1.38%කින්) ඉහළ ගොස් 19,914.25ක් ලෙස සටහන් විය.
කොළඹ කොටස් වෙළඳපොළ සඳහන් කළේ ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 7.4ක් ලෙස සටහන් වූ බවයි.