කොළඹ නගර රැසකට අද ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (20) පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පැය 8ක කාලයක් ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ කොළඹ 01 සිට 15 දක්වාත්, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි.

ඊට අමතරව කොළොන්නාව, අයි.ඩී.එච්, කොටිකාවත්ත, අංගොඩ‍, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, මොරටුව සහ සොයිසාපුර ජන ප්‍රදේශවලටද මෙම ජල කප්පාදුව සිදුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්