කොළඹ ප්රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ අඹතලේ ජල පවිත්රාගාරයට ජලය ලබා ගන්නා ප්රධාන පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන නිසා අඹතලේ ජල පවිත්රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුවී ඇති බවයි.
ඒ අනුව පෙ.ව 10.00 සිට ප.ව 07.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.
එමෙන්ම කොළඹ 01 සිට 15 දක්වා ප්රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වෙයි.
ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.