කෝලම් අතරින් මතුවන කාමධේනුව – ලෙන්චිනා

vinivida

අධි පරිභෝජනය පදනම් කර ගත් වත්මන් නව ලිබරල්වාදී සමාජ ආර්ථික ක්‍රමය තුළ ලිංගිකත්වයට සුවිශේෂ අගයක් හිමිව ඇති බව නොරහසකි. ඒ, නූතන සමාජයීය පුරුෂාර්ථ අතරේ ඉහළම තැනක වැජඹෙන පංචකාම සම්පත් අතරට ලිංගිකත්වය ද ඒකාන්ත වශයෙන්ම ඇතුළත් ව ඇති බැවිනි. එමෙන්ම වර්තමානයේ කලාව, ප්‍රචාරණය, අලෙවිය ආදී සෑම සංසිද්ධියකදීම අගැයුමට ලක් වන ලිංගිකත්වය, කෘෂිකර්මය පදනම් කරගත් සරල ජීවන රටාවකින් යුතු අතීත ගැමි සමාජය තුළ එතරම් උත්තුංග ලෙස හුවා නොදැක්වුණු බවට අද බොහෝ දෙනෙක් මත පළ කරති.
එහෙත්, අද මෙන් නාගරිකත්වය රට පුරා පැතිර යාමට පෙර, එනම් මීට සියවසකට හමාරකට පෙර පැවැති ඉංග්‍රීසි යුගයේ අප රටේ නාගරික සමාජය තුළ ව්‍යාප්ත වූ වික්ටෝරියානු සදාචාරය අප රටේ ගැමි සමාජය තුළට නොපිවිසුණි. එනිසාම එහි ලිංගිකත්වය යන විෂය සම්බන්ධයෙන් විවෘත සමාජ සංවාදයක් පැවැති බවට නිදසුන් බොහෝ ය.

මෙම ලෙන්චිනා නාමය අතීතයේ කෙතරම් ප්‍රචලිතව තිබිණි ද යත්, එය ‘කෝලම්’ ජන රංගනය තුළ ජනප්‍රියතම චරිතයක් විය. නමුත් ඒ සඳහා පදනම් වූයේ ලෙන්චිනාගේ රූමත් බව හා කාමුක චර්යාවන් බවට සැක නැත. මා සිතන අන්දමට සමකාලීන සමාජය එම කලා මාධ්‍යය සඳහා ආකර්ෂණය වීමට ද එය හේතුවක් විය.

‘ලෙන්චිනා’ යනු මෑත කාලීනව ප්‍රායෝගික භාවිතයෙන් මුළුමනින්ම ඉවත් වී ඇති බටහිර ඌරුවට අයත් කාන්තා නාමයකි. එහෙත්, මෙම ලෙන්චිනා අතීත සමාජය තුළම මිහිදන් නොවී වර්තමාන ජනප්‍රිය සංස්කෘතිය තුළ ද යම් ස්ථාවරත්වයක් හිමිකරගෙන සිටින බව නොරහසකි. ඒ, ඒ නමින් යුතු රජක යුවතියක කෙරෙහි එල්ල කරන සානුකම්පිත දෘෂ්ටියකින් යුතුව රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරන ලදුව රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කොට සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ලද “ලෙන්චිනා මගෙ නංගියේ” ගීතය ඒ සඳහා වන එක් නිදසුනකි. මෙම ලෙන්චිනා නාමය අතීතයේ කෙතරම් ප්‍රචලිතව තිබිණි ද යත්, එය ‘කෝලම්’ ජන රංගනය තුළ ජනප්‍රියතම චරිතයක් විය. නමුත් ඒ සඳහා පදනම් වූයේ ලෙන්චිනාගේ රූමත් බව හා කාමුක චර්යාවන් බවට සැක නැත. මා සිතන අන්දමට සමකාලීන සමාජය එම කලා මාධ්‍යය සඳහා ආකර්ෂණය වීමට ද එය හේතුවක් විය.

ජසයා සහ ලෙන්චිනා නාටකයක්

මීට සියවස් කිහිපයකට පෙර අප සමාජයේ ජනප්‍රිය වූ කෝලම් නාටක සම්ප්‍රදායේ එන ජස-ලෙන්චිනා කෝලම ඉතා රසාලිප්ත වූවකි. එනිසාම අතීතයේ තානායම් පොළ නම් එළිමහන් රංග භූමියක රඟ දැක්වුණු එය කෙතරම් රසවත් වී ද යත්, පසුව අප රටේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය කලාවේ ද රඟ දැක්වී තිබේ.
සිංහල නාට්‍ය කලාවට සුවිශේෂ මෙහෙවරක් කළ දයානන්ද ගුණවර්ධනයන් විසින් 1965 දී කරළියට නැංවූ “ජසයා සහ ලෙන්චිනා” යනු එම කෝලම වේදිකාවට අනුරූප ලෙසින් සකස් කළ කෙටි නාට්‍යයකි. ජන රංගන හා ජන සංගීත ප්‍රමුඛාචාර්යවරයකු වන රෝහණ බැද්දගේ ගේ සහයෝගය ඇතිව නිපද වූ මෙහි රංගන කාලය විනාඩි හතළිහකට සීමාවේ. එබැවින් එය වේදිකා ගත කරන ලද්දේ “නරි බෑනා” නාට්‍ය සමඟ කරළියට නැංවෙන කෙටි නාට්‍යයක් වශයෙනි. එමෙන්ම දයානන්ද ගුණවර්ධනයන් හුදෙක් එම කතා ප්‍රවෘත්තිය සම්බන්ධ තම දෘෂ්ටිය ඉස්මතු නොකොට මෙම නාට්‍යය ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි. තමන් “ජසයා සහ ලෙන්චිනා” රචනා කළේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ ඉල්ලීමකට බව දයානන්ද ගුණවර්ධනයෝ එම පොතේ එන සංඥාපනයේ සඳහන් කරති.

ලෙන්චිනා කෝලම් මුහුණ

ජස ලෙන්චිනා කෝලමේ කතා නායකයා වන ජස විදානේ හෙවත් ජසයා වැඩවසම් සමාජයක දිවි ගෙවන රජකයෙකි. නැතහොත් රෙදි අපුල්ලන්නෙකි. හරිහැටි ඇවිද ගැනීමට අපහසු එක් පාදයක ආබාධයක් සහිත වියපත් ගැමියකු වුව ද, සමාජයේ කවර බලවතකු හමුවේ වුව පහසුවෙන් නොනැමෙන චරිතයකින් යුතු ජසයා ගේ මුල් බිරිඳ වනුයේ ඔහුට වඩා වයසින් බොහෝ බාල ලෙන්චිනා ය. නමුත් ඊට පසු ඔහු පුරන්සිනා නම් දෙවන බිරිඳක ද තම නිවසේ රඳවා ගනී. එවක සමාජයේ විවාහය නම් වන බන්ධනය අදට වඩා ලිහිල් ස්වභාවයෙන් පැවැති බවට මෙය කදිම සාක්ෂියකි.
නමුත් බේබද්දෙකු, පුරසාරම් දොඩන්නකු හා බලවතුන් හමුවේ පවා තම අභිමානය දක්වන්නකු වන ජස විදානේ හා මෙම ලෙන්චිනා ගත කරන යුග දිවිය එතරම් ස්ථාපිතව නොමැති බව, මෙම කෝලම් රංගනයේ පුරක හෙවත් සබේ විදානේ විසින් ගයනු ලබන මේ කවියෙන් මනාව තහවුරු වේ.

රූපා අංගයෙන් සලෙලුවන් කුල්මත්ව රාගයට පොළඹනා
දීප තලය වෙතින් කතෙක් නැත ලෙන්චිනා සමවනා
සෝකයෙන් තම හිමිය නොදැක ඇය බොහෝ කුල්මත්ව ගතියෙනා
සාපයෙන් කොමල වු ලෙන්චිනා සබ තුළට එන්ඩ දැන් නික්මුනා

පුංචි කාලේ සිට
වංච බස් දී තෙපුල් හිමි හිට
සංචල නොව සිතට
ලෙන්චිනා ඒය සරඹ ගමනට

සැම තරුණයන්ගෙ සිත
මවිත කරවන ලෙසින් දැන් එත
මේ බසයට දිවු නත
ඒය රුසිරෙන් දිලී පේඩි කත

මල්ල හුණු පුවකින
කොල්ලො දෙස බලා ඉඟි කරමින
කල්ල හොර මායමින
කෙල්ල ලෙන්චිනා ඒය දුවගෙන

හංසයින් පරදවන පියයුරන් ළැම තුලින් අන්දමින්
මන් සිත තුටු නොවෙද දුක් මුලාවෙන්
නිසිකුල සේ උනි නම් තරුණයින් එකඟිනා
අඩු කුලයේ උන මුන් වෙන අතක නාරිනා

නමුදු ඇය සබයට පැමිණෙනුයේ රෙදි පොට්ටනියක් කරේ එල්ලාගෙන සබයට පැමිණෙන ජසයා, අප්පුහාමි නම් ප්‍රභූවරයකු සමඟ ඇති කර ගන්නා සංවාදයක් අතරේ ය.
ඒ සංවාදය මෙලෙසිනි:
අප්පුහාමි සබයට පැමිණ දුර සිටින ජසයාට එවක සමාජයේ නිගරු ආමන්ත්‍රණයක් වන ‘ඕයි’ යනුවෙන් අමතයි. එය නොඇසුණු විලාසයක් පෙන්වන ජසයා රෙදි පොට්ටනිය බිම තබා බිමට පෙරළී වාඩිවී අතෙහි තිබුණු ලේන්සුවෙන් තම මුහුණ පිස දමත්ම, අප්පුහාමි “ඕයි ජසයා…. ජසයා” යනුවෙන් මොර දෙයි.

ජසයා: මොකද නිකම් හෙණ ගැහැව්ව වගේ? ජසයා, පසයා, ජසයා, පසයා (සබයේ ඉදිරියට පැමිණ රසිකයන් දෙසට හැරී අප්පුහාමිට නොඇසෙන අන්දමින් තම කොර පාදය දක්වමින්) ගහනවා පයින් තොගෙ බෙල්ල කැඩිල යන්න.
අප්පුහාමි: මොකද්ද යකෝ නිකන් කුණු කුණු ගාන්නේ? මට ඇහුනා බෙල්ල කැඩෙන කතාවක් කියනවා වගේ. අපි ගැහුවොත් කොහොමත් බෙල්ල කැඩිල යනවා.
ජසයා: අපේද?
අප්පුහාමි: ඔව් තොපේ. නැත්නම් අපේද?
ජසයා: (රසිකයන්ට පමණක් ඇසෙන සේ) ගහනවා පයින් තොගෙ හුලිජ්ජ බොක්ක පුපුරලා යන්න.
මෙම සංවාදය දුර දිගට ඇදී යන අතරේ එවක සමාජ සම්මතයට අනුව කුලහීන වශයෙන් සැලකෙන ජසයා අප්පුහාමිගේ සමාජමය “මරු නිල” අල්ලන බව රසිකයන්ට මනාව වැටහී යන අවස්ථා තිබේ. අප්පුහාමිගේ ඇරයුමින් ජසයා පවසන මෙම හිටිවන කවිය ඒ සඳහා වන කදිම නිදසුනකි.

අතීත සමාජයේ අද මෙන් සවිමත් දොරගුළු නොතිබූ සරල ගැමි නිවෙස් වල, නිවසට පිවිසෙන දොර මත අමුඩ ලේන්සුවක් දක්නට ලැබුණහොත් කිසිවකුත් ඊට නොපිවිසෙන සිරිතක් තිබිණි. ඒ, එය එම නිවස තුළ සිදුවන ලිංගික සම්භෝගයක් පිටස්තරයනට පවසන සංකේතයක් වූ බැවිනි. අතීත සමාජයේ එකම පවුලේ සොයුරන් දෙදෙනකු එකම බිරිඳක විවාහ කර ගැනීමේ හෙවත් එක ගෙයි කෑමේ සිරිතේදී පවා නිවසින් පිටතට ගිය එක් සොයුරකු යළි නිවසට පැමිණෙන අතරේ නිවසේ දොර මත ඇති මෙම අමුඩ ලේන්සු සංඥාව දුටු විට වහා එතැන මඟහැර යාමේ සිරිතක් වූ බව ප්‍රකට කරුණකි. ඒ අනුව ජසයා අප්පුහාමිට මෙලෙස අනියමින් ලබා දෙන සංඥාව කුමක්දැයි කිසිවකුටත් රහසක් නොවේ.

දවසක් මම ගෙදර යන විට
අප්පුගෙ අමුඩෙ තිබුණා ගෙදර දොර පිට
බලන විට විපරම් කොට
අප්පු හිටියා ගෙයි කොට කොට

ලෙන්චිනා කෝලම

අතීත සමාජයේ අද මෙන් සවිමත් දොරගුළු නොතිබූ සරල ගැමි නිවෙස් වල, නිවසට පිවිසෙන දොර මත අමුඩ ලේන්සුවක් දක්නට ලැබුණහොත් කිසිවකුත් ඊට නොපිවිසෙන සිරිතක් තිබිණි. ඒ, එය එම නිවස තුළ සිදුවන ලිංගික සම්භෝගයක් පිටස්තරයනට පවසන සංකේතයක් වූ බැවිනි. අතීත සමාජයේ එකම පවුලේ සොයුරන් දෙදෙනකු එකම බිරිඳක විවාහ කර ගැනීමේ හෙවත් එක ගෙයි කෑමේ සිරිතේදී පවා නිවසින් පිටතට ගිය එක් සොයුරකු යළි නිවසට පැමිණෙන අතරේ නිවසේ දොර මත ඇති මෙම අමුඩ ලේන්සු සංඥාව දුටු විට වහා එතැන මඟහැර යාමේ සිරිතක් වූ බව ප්‍රකට කරුණකි. ඒ අනුව ජසයා අප්පුහාමිට මෙලෙස අනියමින් ලබා දෙන සංඥාව කුමක්දැයි කිසිවකුටත් රහසක් නොවේ.

එහෙත් ජසයාගේ මේ හිටිවන කවියෙන් කලබලයට පත් වන අප්පුහාමි ඔහුට පහර දීමට සැරසෙත්ම, “ඇයි අප්පුහාමි කලබල වුණේ? මං ‘කොට කොට කොටා’ කිව්වේ ‘විට කොට කොටා’ කියලනේ, මේ බුලත් විට, බුලත් විට” යනුවෙන් ජසයා පවසනුයේ අප්පුහාමි පසු ගන්වමිනි. සැබැවින්ම මෙය අනියම් අවමාන තර්ජනයක් (blackmail) සේ හැඟෙන අතර එහි දී ප්‍රභූ අප්පුහාමි වේගවත් පසුබෑමකට ලක් වනු පෙනේ. ඒ අනුව වර්තමානයේ මෙන්ම අතීතයේ ද උස් පහත් ආදී සමාජ තරාතිරම් ලිංගිකත්වය හමුවේ පසුබසින බවට මෙය කදිම නිදසුනකි. එමෙන්ම මෙය එවක සමාජයේ ප්‍රභූ පැලැන්තිය සතුව තිබූ පොදු දුර්වලතාවක් එළිපිට කතා කිරීමක් බව ද පෙනෙයි. ඒ අතරේ කාන්තාවකගේ රූමත් බව පදනම් කරගත් ලිංගික ආකර්ෂණයට එවක සම්මත සමාජමය අගැයුම් පරදන එක්තරා ආකාරයක වානිජමය අගයක් හිමි වූ බව, ලෙන්චිනා සබයට පැමිණ තමන් පිළිබඳව හඳුන්වා ගන්නා මෙම කවි වලින් මනාව තහවුරු වේ. සාමාන්‍යයෙන් කෝලම් රංගනවලදී අදාළ කෝලම් මුහුණු පැළඳ කාන්තා චරිත පවා නිරූපණය කරනුයේ පිරිමි නළුවන් වන මුත්, ලෙන්චිනා ගේ රූමත් මුහුණ සේම මනා නාරි ලාලිත්‍යයෙන් යුතු හැසිරීම් රටාව මත ඇය කාමධේනුවක් ය යන හැඟීම නරඹන්නා තුළ ජනිත වේ. ඇය සබයට පැමිණ තමන් හඳුන්වා දෙමින් ගයන කවි පෙළ මෙසේය.

මේ වගේ පේඩි කතෙක් මනා
දුටුවාද ලොවේ රුසිරෙන් දිනා
මව්පියෝ නිදහස් වෙන්නටා
මාව දුන්නයි නාකි වුණු හමෙකුටා

උන්දලාට කඹුරන්නටා මම
යැද ඉන්නේ සුරන් හට දෙස් කොටා
වකුටු කුදේ නොන්ඩිය තියා
එති කෙතට බැඳපු ලෙස එපඹයා

රුවට කොරල හැඩි තලගොයා
හට මාව සරණ දීල මව්පියෝ ගියා
මගෙ හිමියා පඹයට තියා
හොර හිමි ගෙන්වා ගන්නා මෙමා

එනසාල් සහ බුලතුත් මමං ගෙනවිත් ඇත, මගෙ මල්ලෙ කනවා නම්
මුන්දැට නොදෙනෙමි සහතිකෙන් – අන් තරුණක් හට දෙමි සිත් තුටින්

“මම වහල් සමාජ මුල් කොට ගෙන ද පර්යේෂණ කටයුතු මෙහෙයවා ඇත්තෙමි. ඇතැම් සමාජවල වහලුන් ඉතා සතුටින් ජීවත් වූහ. මක් නිසා ද යත් තමන් වහලුන් බව ඔවුන් නොදැන සිටි බැවිනි.”

ඒ අනුව ලෙන්චිනා තම රූ සපුව පදනම් කර ගත් තමන් කෙරෙහි ඇති ලිංගික ආකර්ෂණය හමුවේ විවිධ කරුණු පදනම් කර ගෙන විවිධ පුරුෂයන් හා අනාචාරයේ යෙදෙන්නියක බව පෙනේ. එමෙන්ම, මෙහි ඉහත අවසන් කවියේ එන තම බුලත් මල්ලේ ඇති එනසාල් සැමියාට නොදී අන් තරුණයනට දෙන කතාව ලෙන්චිනා ගේ ලිංගික අභිලාෂයන් මනාව කියා පාන්නකි. එමෙන්ම එහි එන ඇගේ බුලත් මල්ල සහ එහි ඇති මුවට රස ගෙනෙන එනසාල් ආදිය ලිංගිකත්වය පිළිබඳ අපූරු කාව්‍යාත්මක සංකේත බව ද කිව යුතුමය. ඒ අනුව මෙම නාටක රචකයා සමකාලීන සමාජය පුරා පැතිර තිබූ බුලත් විට කෑම මුල් කොට අපූරු ලිංගික උපමා රූපක මැවීමට සමත් වී ඇති බව පෙනෙයි.

කරළියට ආ ලෙන්චිනා

වර්තමානයේ විවෘත සමාජමය කතිකාවකට ලක්ව ඇති පුරුෂාධිපත්‍යය පදනම් කරගත් ලිංගික සූරාකෑමක් සම්බන්ධයෙන් ලෙන්චිනා ගෙන් කිසිදු පැමිණිල්ලක් හෝ මැසිවිල්ලක් නැඟෙන බවක් මෙම කෝලම් නාටකයේ කිසිදු තැනකින් ඉස්මතු කර ගත නොහැක. ඒ, තමන් කෙරෙහි පවත්නා ලිංගික ආකර්ෂණය මුල් කොට ඇය ප්‍රදේශයේ ආරච්චි මුදලි තුමා පවා නතු කර ගැනීමට සමත් වීමෙනි. ඒ සම්බන්ධ අපගේ වැටහීම වනුයේ විවිධ කරුණු මුල් කර ගනිමින් සමාජයේ ප්‍රබලයන් විසින් තමනට වඩා විවිධාකාරයෙන් දුබල වූ කාන්තාවන් ලිංගිකව ගොදුරු කර ගැනීම පිළිබඳ විවෘත සමාජ කතිකාව ඉන් පසුව සමාජ ගත වූවක් විය හැකි බව ය.
විසි වන සියවසේ ලොව සමාජ මානව විද්‍යා විෂය පථයට සුවිශිෂ්ට මෙහෙවරක් කළ මානව සමාජ විද්‍යාඥ ලෙවි ස්ට්‍රවුස් (Claude Lévi-Strauss – 1908-2009 ) වරක් මෙවැනි ප්‍රකාශයක් කොට තිබිණ.

“මම වහල් සමාජ මුල් කොට ගෙන ද පර්යේෂණ කටයුතු මෙහෙයවා ඇත්තෙමි. ඇතැම් සමාජවල වහලුන් ඉතා සතුටින් ජීවත් වූහ. මක් නිසා ද යත් තමන් වහලුන් බව ඔවුන් නොදැන සිටි බැවිනි.”
ඒ කෙසේ හෝ, වර්තමාන නව ලිබරල්වාදී සමාජයේ ඉහළම ඉල්ලුමක් හිමි ලිංගිකත්වයට මීට සියවසකට හමාරකට පෙර අප රටේ ග්‍රාමීය සමාජය තුළ ද, සමාජ සම්මත උස් පහත් භේදයන් පවා විච්ඡේදනය කළ හැකි බවට මෙම ජස-ලෙන්චිනා කෝලම කදිම නිදසුනකැයි මට සිතෙයි.

තිලක් සේනාසිංහ

රසගඟුල