කෞතුකාගාර විවෘතව තබන වේලාවන් සහ දින වෙනස් වෙයි

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය හා අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර සැප්තැම්බර් 1 දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබන දින සහ වේලා සංශෝධනය කර තිබෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරි ආරච්චි මහත්මිය පවසයි.

ජාතික කෞතුකාගාර දෙපාර්‌තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන බැවින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත නොකෙරෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අතුරින් ජාතික නිදහස් දිනය, සිංහල හින්දු අළුත් අවුරුදු නිවාඩු දින 2ක්, කම්කරු දිනය හා වෙසක් පොහෝ දිනය යන දින වලද කෞතුකාගාරය විවෘත නොකරන බව සදහන් කරයි.

කාලීන පුවත්