ගම්පහ දිස්ත්රික්කයේ රථවාහන දෙසිය තිස් එකක් පරීක්ෂාවට ලක්කර එයින් රථවාහන තිස්තුනකට තහනම් නියෝග නිකුත් කරමින් ධාවනයෙන් ඉවත් කර තිබේ.
මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණෙන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්රික් කාර්යාලය හා පොලිසිය එක්ව ගම්පහ දිස්ත්රික්කයේ විශේෂ රථවාහන පරීක්ෂාවක් සිදුකරනලදි.
ඒ බැලුම්මහර , වත්තල මාබෝල හා මිනුවන්ගොඩ යන ස්ථානවලදීයි.
පොදු ප්රවාහනයට සම්බන්ධ බස්රථ , පාසල් වෑන් රථ , මෙන්ම බරවාහන අහඹු ලෙස පරීක්ෂා කිරීමයි මෙහිදී සිදුවිය.