ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීම සඳහා අද (28) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් අධිකාරි සංඛ වීරසුරිය සඳහන් කළේ පළාත් කිහිපයක සිට ඒ සඳහා බස් රථ සූදානම් කර ඇති බවයි.

මේ අතර කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා අමතර ගමන් වාර සැලසුම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ අතර කොළඹ කොටුව – කන්කසන්තුරෙයි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (28) දිනයේ ධාවනයට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම මාතර දුම්රිය ස්ථානයෙන් අනිද්දා (30) අළුයම 5.00ට කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිතව තිබේ.

කාලීන පුවත්