
මිනිසුන් ඉඩකඩම් මිල දී ගත්තත් රටවල් පිටින් මිල දී ගන්නා අවස්ථා ගැන අසන්නට ලැබෙන්නේ නැත. නමුත් මෙයට ටික කලෙකට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටක් මිල දී ගන්නට සූදානම් වූයේය. ඔහු මේ ආකාරයෙන් මිල දී ගන්නට සූදානම් වූයේ උත්තර ධ්‍රැවය ආසන්නයේ ආක්ටික් කලාපයේ පිහිටා තිබෙන ග්‍රීන්ලන්තය යි.
කෙසේ වෙතත් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිල දී ගන්නට සැරසුණේ ඔහු වෙනුවෙන් නොව ඇමරිකාව වෙනුවෙනි. මෙම සිද්ධිය සිදු වූයේ ඔහු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ පළමු ධුර කාලයේ ය.
ග්‍රීන්ලන්තය මේ වනවිට අයත් වන්නේ ඩෙන්මාර්කයට යි. එය ඩෙන්මාර්කයට අයත් අර්ධ ස්වයංපාලිත කලාපයකි. ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිල දී ගැනීම පිලිබඳ අදහස ඉදිරිපත් කළ අවස්ථාවේ ග්‍රීන්ලන්තයේ අගමැතිවරයා මෙන්ම ඩෙන්මාර්කයේ අගමැතිවරයා ද ඊට එකහෙලාම විරුද්ධත්වය ප්‍රකාශ කළෝය.
ග්‍රීන්ලන්තය මේ වනවිට අයත් වන්නේ ඩෙන්මාර්කයට යි. එය ඩෙන්මාර්කයට අයත් අර්ධ ස්වයංපාලිත කලාපයකි. ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිල දී ගැනීම පිලිබඳ අදහස ඉදිරිපත් කළ අවස්ථාවේ ග්‍රීන්ලන්තයේ අගමැතිවරයා මෙන්ම ඩෙන්මාර්කයේ අගමැතිවරයා ද ඊට එකහෙලාම විරුද්ධත්වය ප්‍රකාශ කළෝය.
මේ තත්වය තුළ ට්‍රම්ප්ගේ අදහස එතැනින් එහාට ඉදිරියට ගියේ නැත.
කෙසේ නමුත් ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඈඳා ගැනීමට ඇති අදහස අත් හැරීමට ට්‍රම්ප් කිසිසේත් සූදානම් නැති බවක් දැකගත හැකි වේ. මේ වෙනුවෙන් හමුදා බලය සහ ආර්ථික බලය පවා පාවිච්චි කිරීමට ඔහු ක්‍රියා කරාවිද යන සැකයක් පවා මේ වනවිට ඇති වී තිබේ.
කෙසේ හෝ වේවා ග්‍රීන්ලන්තය ඇමරිකාව සතු කර ගැනීමේ වැඩපිලිවෙලට අදාල අලුත්ම පියවරක් ගැන දින කිහිපයකට පෙර වාර්තා විය. එනම් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය වෙනුවෙන් විශේෂ නියෝජිතයකු පත් කරනු ලැබීම යි.
මේ ආකාරයෙන් පත් කර ඇත්තේ ඇමරිකාවේ ලුයීසියානා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කරන ජෙෆ් ලැන්ඩ්රි ය.
ඉදිරියේ දී ග්‍රීන්ලන්තය අමරිකාවේ කොටසක් බවට පත් කර ගැනීමට අදාල ක්රියාදාමයේ දී ඔහු පෙරමුණ ගෙන කටයුතු කරනු ඇතැයි ද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඇමරිකාවේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ග්‍රීන්ලන්තය ඇමරිකාවට අවශ්‍ය වන බවත්, ඒ නිසා එය ලබා ගත යුතුව ඇති බවත් පවසන ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ජෙෆ් ලැන්ඩ්රි මෙම කාර්යයේ දී පෙරමුණ ගෙන ක්‍රියා කරනු ඇති බව යි.
ට්‍රම්ප් මේ ආකාරයෙන් ග්‍රීන්ලන්තය ඈඳා ගැනීම ඉලක්ක කරගෙන ඒ සඳහා විශේෂ නියෝජිතයකු පත් කිරීම ඩෙන්මාර්කයේ කෝපයට හේතු වී තිබිණි. එමෙන්ම ඩෙන්මාර්ක නායකයන් මේ නිසා තරමක් නොසන්සුන් වී සිටින ආකාරයක් ද දැකගත හැකි වේ. මේ තත්වය තුළ දෙරට අතර යළිත් යම් ආතතියක් පැන නැගී ඇති ආකාරයක් දැකගන්නට ලැබේ. විශේෂ නියෝජිතයකු පත්කිරීම සම්බන්ධයෙන් ඩෙන්මාර්කයේ සිටින ඇමරිකානු තානාපතිවරයාගෙන් කරුණු විමසීමට ද ඩෙන්මාර්ක රජය පියවර ගෙන තිබිණි.
ට්‍රම්ප් ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඈඳා ගැනීමට මේ තරම් උනන්දුවක් දක්වන්නේ ඇයි?
ගෝලීය උණුසුම ඉහළ යාම වැනි කාරණා නිසා මේ වනවිට ධ්රැව ආසන්නයේ අයිස් දියවීමට පටන්ගෙන තිබේ. මේ හේතුවෙන් ආක්ටික් කලාපයේ අලුත් නැව් මාර්ග විවෘත වෙමින් ඇත. එමෙන්ම මෙම කලාපයේ තිබෙන ස්වාභාවික සම්පත් උකහා ගැනීමට තිබෙන ඉඩකඩ ද වැඩි වෙමින් තිබේ. මෙම තත්වයන් මත ආක්ටික් කලාපය පිලිබඳව රුසියාව, චීනය වැනි ඇමරිකාවේ තරගකාරී බලවතුන් ගේ උනන්දුව ද වර්ධනය වෙමින් තිබෙනු දැකගන්නට ලැබේ.
ඇමරිකාව යම් හෙයකින් ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඈඳා ගතහොත් මෙම කලාපය තුළ විශාල බලයක් අත්කර ගැනීමට ඇමරිකාවට හැකිවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ඇමරිකාව සහ රුසියාව අතර යම් දිනෙක මිසයිල ගැටුමක් ඇති වුවහොත් මෙම මිසයිල එල්ල කිරීමට ඇති කිට්ටුම මාර්ගය වැටී ඇත්තේ ද මෙම කලාපය හරහා ය. ඇමරිකාවේ ආරක්ෂාව පිලිබඳ කාරණයේ දී ග්‍රීන්ලන්ත කලාපය වැදගත් කලාපයක් වීමට මෙයත් හේතුවකි.
කෙසේ හෝ වේවා, ග්‍රීන්ලන්තය ඇමරිකාවේ කොටසක් බවට පත් කරගැනීමට ට්‍රම්ප් උත්සාහ කළත් ග්‍රීන්ලන්ත ජනතාවගෙන් බහුතරයක් ඊට එකඟතාවක් දක්වන්නේ නැත. පසුගිය ජනවාරි මාසයේ කරන ලද ජනමත සමීක්ෂණයකින් පෙනී ගොස් තිබුණේ ග්‍රීන්ලන්ත වැසියන්ගෙන් සියයට 85 ක් පමණ තම රට ඇමරිකාවේ කොටසක් වෙනවාට අකැමැති බව යි. ඊට කැමැත්තක් දක්වා තිබුණේ සියයට 6 ක් වැනි ඉතා සුළු පිරිසක් පමණි. සියයට 9 ක් පවසා තිබුණේ ඒ ගැන නිශ්චිත අදහසක් නැති බවයි.
උත්තර ධ්‍රැවය ආසන්නයේ පිහිටා ඇති ග්‍රීන්ලන්තයේ ජනගහණය 57,000 ක් පමණ වේ. මේ අතරින් 20,000 ක් පමණම ජීවත් වන්නේ එහි අගනුවර වන නූක් නගරයේ යි. ග්‍රීන්ලන්තයේ වර්ග ප්‍රමාණය වර්ග සැතපුම් 836,000 ක් (වර්ග කි.මී. මිලියන 2 ක් ) පමණ වන අතර එය සැලකෙන්නේ ලෝකයේ ලොකුම දූපත හැටියට යි.
මේ අපූරු දූපත ඇමරිකාවේ කොටසක් බවට පත් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගන්නා උත්සාහය සාර්ථක වේවි ද යන්න කුතුහලය දනවන කාරණයකි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ග්‍රීන්ලන්ත අගමැති ජෙන්ස් ෆ්‍රෙඩෙරික් නීල්සන් පවසා තිබුණේ එහි අනාගතය ගැන තීරණය කළ යුත්තේ එරට ජනතාව බව යි.
එහි වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 7-10 අතර අගයක් ගන්නා බව සඳහන් ය. ග්‍රීෂ්ම සෘතුවේ දී උතුරු ප්‍රදේශයේ උෂ්ණත්වය සෙ. අංශක 5-10 අතර අගයක් ගන්නා බවත්, දකුණට වන විට එය සෙ. අංශක 15-20 අතර අගයක් ගන්නා අවස්ථා ද ඇති බවත් සඳහන් වේ.
මේ අපූරු දූපත ඇමරිකාවේ කොටසක් බවට පත් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගන්නා උත්සාහය සාර්ථක වේවි ද යන්න කුතුහලය දනවන කාරණයකි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ග්‍රීන්ලන්ත අගමැති ජෙන්ස් ෆ්‍රෙඩෙරික් නීල්සන් පවසා තිබුණේ එහි අනාගතය ගැන තීරණය කළ යුත්තේ එරට ජනතාව බව යි.
නිහාල් පීරිස්