අම්බලන්ගොඩ පොලිස් වසමේ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර අද (16) දින තුළ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.
පොලීසිය සඳහන් කළේ එම කාලසීමාවේදී අදාළ මාර්ගයන්වල විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බවයි.
එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.