ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මේ වනවිට තමා ලෝකයේ යුද ගැටුම් අටක් අවසන් කිරීමට දායක වී ඇති බව යි. තමා මෑත කාලයේ පහළ වූ ලොකුම සාම දූතයකු බව පෙන්වීමට ඔහු විශාල උත්සාහයක් ගනිමින් සිටිනු දැකිය හැකි වේ.
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඉදිරියට යමින් තිබූ ගාසා යුද්ධය ද යම් දුරකට නතර කිරීමට පසුගිය දා ට්‍රම්ප් ඉදිරිපත් කළ සාම සැලැස්මට හැකිවී තිබේ. ඔහුගේ සාම සැලැස්මට අනුව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වූ සටන් විරාමය මේ වනවිට බොහෝ දුරට සාර්ථක වී ඇති ආකාරයක් පෙනෙන්නට ඇත. 70,000 කට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳ වූ ගාසා යුද්ධයට අදාලව මෙවැනි සටන් විරාමයක් ඇතිකිරීමට හැකි වීම ඔහු ලැබූ ජයග්‍රහණයක් බව බොහෝ පාර්ශ්වවල අදහස යි.
ගාසා හි සටන් විරාමයක් ඇති කිරීමට හැකි වූ ආකාරයටම යුක්රේන යුද්ධයටත් යම් විසඳුමක් ලබා දීමට ඔහුට හැකි වේවි ද? මෙය ලෝක දේශපාලනය ගැන උනන්දුව දක්වන කව්රුත් පාහේ මේ දිනවල කුතුහලයෙන් බලා සිටින කාරණයකි. සති කිහිපයකට පෙර ගාසා හි සාම සැලැස්ම ක්‍රියාත්මක වීම ආරම්භ වූ අවස්ථාවේ ට්‍රම්ප් ද ප්‍රකාශ කළේ යුක්රේන යුද්ධය අවසන් කිරීම තමාගේ ඊළග ඉලක්කය බව යි.

ඔහු එසේ කීවත් මෙම අරමුණ ජය ගැනීම එතරම් ලෙහෙසි පහසු නොවන බවක් දිගින් දිගටම දැකගත හැකි වේ. සටන් නතර කිරීම සඳහා රුසියානු සහ යුක්රේන නායකයන් ඉදිරිපත් කරන කොන්දේසි අතර පවතින පරතරය ජය ගැනීම විශාල අභියෝගයක් වී තිබේ.
මෙම පරතරය ප්‍රධාන වශයෙන්ම මතු වී තිබෙන්නේ මේ වනවිට රුසියානු හමුදා විසින් අල්ලාගනු ලැබ සිටින යුක්රේන භූමි ප්‍රදේශවලට අදාළව යි. යුක්රේනයේ නැගෙනහිර දිශාවේ පිහිටි ඩොන්බාස් නැමැති ප්‍රදේශයේ සියයට 85 කට වැඩි ප්‍රමාණයක් මේ වෙද්දී රුසියානු හමුදා යටතට පත් වී තිබේ.
ඩොන්බාස් හි ඉතිරි කොටස් තවමත් තිබෙන්නේ යුක්රේන පාලනය යටතේ යි. රුසියාව පවසන්නේ සටන් විරාමයක් ගැන සලකා බැලීමට නම් යුක්රේන හමුදා මෙම ඉතිරි ප්‍රදේශවලින් ද ඉවත් වී එම සම්පූර්ණ ප්‍රදේශයේ පාලනය රුසියාවට භාර දිය යුතු බව යි.
නමුත් යුක්රේනයවත්, ඔවුන්ගේ මිත්‍ර ජාතීන්වත් ඊට කිසිසේත් එකඟතාවක් දක්වන්නේ නැත. ඩොන්බාස් ප්‍රදේශය තම පාලනය යටතට ගැනීමට රුසියාවට අවශ්‍ය වී ඇත්තේ කවදා හෝ එහි සිට යුක්රේනයේ සෙසු ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා බව යුක්රේන නායකයන් ගේ අදහස යි.
ඩොන්බාස් ප්‍රදේශය ස්වභාවික සම්පත්වලින් අනූන ප්‍රදේශයක් වීම ද රුසියාව ඒ ප්‍රදේශය ගැන උනන්දු වීමට තවත් හේතුවක් ලෙස සැලකේ.
එමෙන්ම මෙම ප්‍රදේශයේ වෙසෙන බහුතරය රුසියානු බස කතා කරන්නවුන් ය. ඒ නිසා මේ ප්‍රදේශය සඳහා රුසියාවට අයිතියක් ඇති බවක් රුසියානු නායකයන් කල්පනා කරන බව පෙනේ.

කෙසේ නමුත් යුක්රේන නායකයන් සිතන්නේ ඩොන්බාස් රුසියාව යටතට පත්වීම තමුන්ට උපායමාර්ගික වශයෙන් විශාල අවාසියක් බව යි. ඒ නිසා ඔවුන් මෙම ප්‍රදේශය රුසියාවට භාර දීමට කිසිසේත් සූදානම් නැත.
යුක්රේනය යනු කලෙකට පෙර සෝවියට් සමූහාණ්ඩුව පැවැති කාලයේ ඊට අයත් වූ රටකි. නමුත් මේ වනවිට එහි තිබෙන්නේ බටහිර බලවතුන්ට හිතවත් පාලනයකි. මෙය ජනාධිපති පුටින්ට එතරම් හිතට අල්ලන තත්වයක් නොවේ. වත්මන් යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි ගේ පාලනය පෙරලා දමමින් එහි රෙජීම වෙනසක් කිරීමත්, රුසියාවට හිතවත් පාලනයක් එහි ඇති කර ගැනීමත් පුටින් ගේ අවසන් ඉලක්කය බවට ද අදහස් පළ වේ. එතෙක් ඔහු යුක්රේනයට එරෙහි ක්‍රියාමාර්ග අත් නොහරිනු ඇති බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
මෙම පසුබිම හමුවේ සටන් විරාමයක් ඇති කිරීම සඳහා වෑයම් කරමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ ආර්ථිකය අඩපණ කිරීම සඳහා විවිධ උපායන් යොදමින් සිටින ආකාරයක් දැකගන්නට ලැබේ. ඔහු සිතන්නේ ඒ තුළින් පුටින් සාම ක්‍රියාදාමය සඳහා පොළඹවා ගැනීමට හැකිවනු ඇතැයි කියා ය. මෙහි දී රුසියාවේ තෙල් ආදායම් බිඳ වැට්ටවීමට ට්‍රම්ප් උත්සාහ ගනිමින් සිටින ආකාරය දැකගත හැකි වේ. රුසියානු තෙල් වැඩිම ප්‍රමාණයක් මිල දී ගන්නා රටක් වන ඉන්දියාවට දඬුවමක් දීමට ද ඔහු පසුගිය දිනවල කටයුතු කළේය. ඒ ඉන්දියාවේ සිට ඇමරිකාවට ගෙන්වන භාණ්ඩ වෙනුවෙන් සියයට 50 ක ඉතා ඉහළ තීරු බද්දක් පනවමිනි.
රුසියාව සහ යුක්රේනය අතර සාමයක් ඇති කිරීමට ඇමරිකාව සහ යුරෝපා රටවල් ඇතුළු පාර්ශ්ව උත්සාහ ගනිමින් සිටින්නේ මෙවැනි තත්වයක් තුළ ය. රුසියානු ආක්‍රමණය තුළ තම යුක්රේන මිත්‍රයා දුර්වල වීම මෙම බටහිර රටවලට අවාසි සහගත ය.
මෙම පසුබිම හමුවේ සටන් විරාමයක් ඇති කිරීම සඳහා වෑයම් කරමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ ආර්ථිකය අඩපණ කිරීම සඳහා විවිධ උපායන් යොදමින් සිටින ආකාරයක් දැකගන්නට ලැබේ. ඔහු සිතන්නේ ඒ තුළින් පුටින් සාම ක්‍රියාදාමය සඳහා පොළඹවා ගැනීමට හැකිවනු ඇතැයි කියා ය. මෙහි දී රුසියාවේ තෙල් ආදායම් බිඳ වැට්ටවීමට ට්‍රම්ප් උත්සාහ ගනිමින් සිටින ආකාරය දැකගත හැකි වේ. රුසියානු තෙල් වැඩිම ප්‍රමාණයක් මිල දී ගන්නා රටක් වන ඉන්දියාවට දඬුවමක් දීමට ද ඔහු පසුගිය දිනවල කටයුතු කළේය. ඒ ඉන්දියාවේ සිට ඇමරිකාවට ගෙන්වන භාණ්ඩ වෙනුවෙන් සියයට 50 ක ඉතා ඉහළ තීරු බද්දක් පනවමිනි.
එමෙන්ම රුසියාවේ ලොකුම තෙල් සමාගම් දෙකකට එරෙහිව අලුතෙන් සම්බාධක පැනවීමට ද ට්‍රම්ප් මෙයට ටික දිනකට පෙර පියවර ගත්තේය.
යුරෝපා සංගමයේ රටවල් ද රුසියාවෙන් ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) ආනයනය නතර කිරීමට සූදානම් වෙයි.
මේ මොනවා කළත් දැනට නම් පෙනෙන්නට තිබෙන්නේ රුසියාව සටන් විරාමයකට තවමත් සූදානම් නැති බවකි.
නිහාල් පීරිස්