ගිය මාසයේ සංචාරකයින් 174,608 ක් ලංකාවට ඇවිත්

ඉකුත් අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මේ වසර මුල සිට අප්‍රේල් මස අග දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 896,884ක් බව බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවක සඳහන් වේ.

2024 වසරේ අප්‍රේල් මාසයේ දී 148,867 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙම වසරේ අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීමේ සියයට 17.3 ක වර්ධනයක් සිදුව ඇත.

අප්‍රේල් මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස අඛණ්ඩව මෙවරත් ඉන්දියාව වාර්තා වන අතර එම සංඛ්‍යාව 38,744 කි. මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 17,348ක්, රුසියාවෙන් 13,525ක් සහ ජර්මනියෙන් 11,654ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

කාලීන පුවත්