
පසුගිය සති කිහිපය බ්‍රිතාන්‍යයේ රජ පවුල වෙත සුවිසල් අවධානයක් යොමු වූ කාලයක් විය. කලක් තිස්සේ රජ පවුල තුළ කැළඹීමක් ඇති කරමින් තිබූ කාරණයක් කිසියම් සංධිස්ථානයකට ළඟා වූ බවක් පෙනිණි.
මෙම කැළඹීම ඇති වූයේ එළිසබෙත් රැජිනගේ තුන්වැනි දරුවා වන, එමෙන්ම වත්මන් චාල්ස් රජු ගේ බාල සොහොයුරෙකු වන ඇන්ඩෲ කුමරු කේන්ද්‍ර කරගෙන ය. කෙසේ හෝ වේවා, මේ ආන්දෝලනාත්මක සිදුවීම් දාමයේ එක් සංධිස්ථානයක් සනිටුහන් කරමින් චාල්ස් රජු මෙයට දින කිහිපයකට පෙර ඇන්ඩෲ ගේ “කුමාර පට්ටම” ඉවත් කිරීමට කටයුතු කළේය. ඒ අනුව ඇන්ඩෲ දැන් කුමාරයකු (Prince කෙනෙකු) නොව සාමාන්‍ය වැසියෙකි.
මේ වනවිට 65 වැනි වියෙහි පසුවන ඇන්ඩෲ සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගැනීමට ඔහුගේ සොහොයුරු චාල්ස් රජුට සිදු වූයේ ලිංගික අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයකු සමග ඔහු පැවැත්වූ සම්බන්ධතා මුල් කරගෙන ය. ජෙෆ්රි එප්ස්ටීන් නැමැති ඔහු ලිංගික කටයුතු වෙනුවෙන් බාල වයස්කාර දැරියන් ප්‍රවාහනය කිරීම, ඔවුන් ලිංගික අපයෝජනයට ලක් කිරීම වැනි චෝදනාවලට ලක් ව සිටියෙකි.
මේ වනවිට 65 වැනි වියෙහි පසුවන ඇන්ඩෲ සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගැනීමට ඔහුගේ සොහොයුරු චාල්ස් රජුට සිදු වූයේ ලිංගික අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයකු සමග ඔහු පැවැත්වූ සම්බන්ධතා මුල් කරගෙන ය. ජෙෆ්රි එප්ස්ටීන් නැමැති ඔහු ලිංගික කටයුතු වෙනුවෙන් බාල වයස්කාර දැරියන් ප්‍රවාහනය කිරීම, ඔවුන් ලිංගික අපයෝජනයට ලක් කිරීම වැනි චෝදනාවලට ලක් ව සිටියෙකි.

ඉතා බලවත්, ධනවත් පුද්ගලයන් රැසක් ඔහුගේ මිතුරු සමාජයේ සිටි බව පැවසිණි. මෙම මිතුරන් සමග ලිංගිකව හැසිරීම සඳහා ඉහත කී බාල වයස්කාරියන් යෙද වූ බවට ද එප්ස්ටීන්ට චෝදනා එල්ල විය. ඇන්ඩෲ ද එප්ස්ටීන් ගේ එක් මිත්‍රයෙකු විය.
මෙම පසුබිම තුළ එක්තරා කාන්තාවක් මෙයට වසර කිහිපයකට පෙර, හරියටම කිවහොත් 2014 වසරේ ඇන්ඩෲ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළාය. වර්ජිනියා ජිෆ්රේ නැමැති මෙම කාන්තාව ද කලෙකට පෙර එප්ස්ටීන් විසින් ප්‍රවාහනය කරන ලද බව පැවසුණු කෙනෙකි. ඇය පැවසුවේ ඇන්ඩෲ සමග ලිංගිකව හැසිරීම සඳහා එප්ස්ටීන් තමාට බල කළ බව යි. අවස්ථා තුනක දී මේ අන්දමින් ඇන්ඩෲ සමග ලිංගිකව හැසිරීමට තමාට සිදු වූ බව ද ඇය කීවාය. ඒ, එප්ස්ටීන්ට අයත් පෞද්ගලික දූපතක දී, මැන්හැට්න් නුවර ඔහුගේ මන්දිරයක දී සහ එප්ස්ටීන්ගේ පෙම්වතියක වූ ගිස්ලේන් මැක්ස්වෙල්ට අයත් ලන්ඩන් නුවර නිවසක දී ය.

ඇන්ඩෲ මේ ආකාරයෙන් තමා සමග ලිංගිකව හැසිරුණේ තමා ඒ වනවිට වයස අවුරුදු 17 ක බාල වයස්කාරියක බව දැන දැනම බවට ද වර්ජිනියා ජිෆ්රේ චෝදනා කළාය. මෙම චෝදනා පදනම් කරගනිමින් ඇය ඇමරිකානු අධිකරණයක නඩුවක් පවා පැවරුවාය.
කෙසේ නමුත් ඇන්ඩෲ දිගින් දිගටම මෙම චෝදනා ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළේය.
ඇන්ඩෲ සහ රජ පවුල මහත් අපහසුතාවකට සහ පීඩනයකට ලක් කිරීමට ජෙෆ්රි එප්ස්ටීන් සහ වර්ජිනියා ජිෆ්රේ සම්බන්ධ මෙම සිදුවීම් දාමයට හැකි විය. මේ පසුබිම තුළ රජ පවුල වෙත ජනතාවගෙන් ද විශාල පීඩනයක් එල්ල වීමට පටන් ගත්තේය. ඇන්ඩෲට එරෙහිව යම් පියවරක් ගන්නා මෙන් ඉල්ලීම් ඉදිරිපත් වන්නට විය.
මෙම තත්වය වඩාත් නරක අතට හරවන ප්‍රධාන සිදුවීම් දෙකක් මේ මෑතක සිදු විය.
ඇන්ඩෲ වරක් ප්‍රකාශ කර තිබුණේ තමා එප්ස්ටීන් සමග පැවති සබඳතා 2010 වසරේ අවසන් කළ බව යි. නමුත් මෙය බොරුවක් බව පසුගිය දිනවල ඊමේල් පණිවුඩ ආදිය තුළින් හෙළි වී තිබිණි. මේ ආකාරයෙන් බොරු කිරීම ඇන්ඩෲ සම්බන්ධයෙන් වර්ධනය වී පැවති අප්‍රසාදය තවත් වැඩි කරන්නක් වූයේය.
ඇන්ඩෲට එරෙහිව දැඩි පියවර ගැනීමටත්, ඔහුගේ කුමාර පට්ටම ඇතුළු විවිධ පදවි නාම ආදිය ඔහුගෙන් ඉවත් කිරීමටත් චාල්ස් රජුට සිදුවූයේ එවැනි පසුබිමක් තුළ ය. චාල්ස් රජු මෙම පියවර ගැනීමට ටික දිනකට කලින් ඇන්ඩෲ සිය කැමැත්තෙන්මත් සමහර පදවි නාම අත්හැරියේය. යෝක් හි ආදිපාද යන්න ද ඔහු එලෙස අත්හැරි පදවි නාමයකි.ඔහු පසුගිය කාලයේ වාසය කළ Royal Lodge නැමැති රාජකීය මන්දිරයෙන් ඉවත් වන ලෙසත් ඇන්ඩෲට දැනුම් දී තිබේ.
මේ අතර කලින් සඳහන් කළ වර්ජිනියා ජිෆ්රේ මෙයට මාස කිහිපයකට පෙර සිය දිවි නසා ගත් අතර ඇය විසින් ලියන ලද Nobody ‘s Girl නැමැති මතක සටහන් ග්‍රන්ථයක් පසුගිය දා මුද්‍රණයෙන් නිකුත් විය. එහි තැන් කිහිපයකම ඇන්ඩෲ සම්බන්ධයෙන් සඳහන් වන බව වාර්තා විය.

මෙම ග්‍රන්ථය නිකුත් වීම ද ඉහත කී ආන්දෝලනය වඩාත් උණුසුම් කරන්නට හේතුවක් වූයේය.
ඇන්ඩෲට එරෙහිව දැඩි පියවර ගැනීමටත්, ඔහුගේ කුමාර පට්ටම ඇතුළු විවිධ පදවි නාම ආදිය ඔහුගෙන් ඉවත් කිරීමටත් චාල්ස් රජුට සිදුවූයේ එවැනි පසුබිමක් තුළ ය. චාල්ස් රජු මෙම පියවර ගැනීමට ටික දිනකට කලින් ඇන්ඩෲ සිය කැමැත්තෙන්මත් සමහර පදවි නාම අත්හැරියේය. යෝක් හි ආදිපාද යන්න ද ඔහු එලෙස අත්හැරි පදවි නාමයකි.
ඔහු පසුගිය කාලයේ වාසය කළ Royal Lodge නැමැති රාජකීය මන්දිරයෙන් ඉවත් වන ලෙසත් ඇන්ඩෲට දැනුම් දී තිබේ.
Royal Lodge මන්දිරය කාමර 30 කින් පමණ සමන්විත විශාල මන්දිරයකි. එය පිහිටා ඇත්තේ ලන්ඩන් නුවර සිට සැතපුම් 25 ක් පමණ දුරින් වින්ඩ්සර් මාළිගයට කිට්ටුව ය. ඇන්ඩෲ පසුගිය වසර 20 කට ආසන්න කාලයක් වාසය කළේ මෙම මන්දිරයේ යි.

ඇන්ඩෲ කලක් විවාහ වී සිටි කෙනෙකි. ඔහුගේ බිරිඳ වූයේ සාරා ෆර්ගියුසන් ය. 1986 වසරේ විවාහ වූ ඔවුහු 1996 වසරේ දික්කසාද වූහ. මෙම විවාහයෙන් ඔවුන්ට දියණියෝ දෙදෙනෙක් සිටිති. ඒ බියට්‍රිස් කුමරිය සහ ඉයුජිනී කුමරිය යි.
ඇන්ඩෲ ගේ ප්‍රශ්න නිසා ඔවුන් ද දැඩි පීඩනයකට සහ අපහසුතාවකට පත්ව සිටිනවාට සැකයක් නැත.
නිහාල් පීරිස්