චිත්‍රපට සංස්ථාවට නව පනතක්

1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර නව පනතක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා මේ වන විට දශක පහක පමණ කාලයක් ගත වී ඇති අතර එකී කාල සීමාව තුළ සිනමා කර්මාන්තයට අදාළ තාක්ෂණය වෙනස් වීම මෙන්ම සමාජ, දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රයන්හී ද විශාල වෙනස්කම් සිදුවී තිබෙන බවට සඳහන් වෙයි.

එමෙන්ම වර්තමානයට ගැළපෙන අයුරින් ජාතික චිත්‍රපට සංස්ථාවේ ආයතන ව්‍යූහය හා කාර්යභාරය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

කාලීන පුවත්