ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරැඹේ

මේ වර්ෂය සඳහා ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර තිබෙන බවත්, මේ වර්ෂයේදී ග්‍රාම නිලධාරීන් නිවෙස්වලට නොපැමිණෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරයි.

2025 ඡන්දහිමි නාමලේඛනයේ ඉවත්වන හා 2026 වර්ෂයට ඇතුළත් කිරීමට හිමිකම් ලබන නම් ඇසුරින් ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය කෙරෙන බවද සභාපතිවරයා පවසයි.

යම් තැනැත්තෙක් 2025 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිවී ඇත්නම් 2026 වර්ෂය සඳහා ද 2025 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිව සිටින ලිපිනය යටතේ ලියාපදිංචි කිරීම සඳහා ක්‍රියා කෙරෙන බවත්, ඔවුන් විසින් කිසිදු ආකෘතියක් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද සභාපතිවරයා පවසනලදි.

එමෙන්ම, 2025 වසරේ ලියාපදිංචිවී නොමැති හෝ වයස අවුරුදු 18 සම්පූර්ණවීම මත ප්‍රථම වරට ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි වන්නේ නම් හෝ 2026 වර්ෂයේ ලියාපදිංචි ලිපිනය වෙනස් කළයුතු වන්නේ නම් හෝ 2026 වර්ෂයේ ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචිවීම සඳහා 2026/ER ආකෘති පත්‍රයක් සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී වෙත භාරදිය යුතු බවද සභාපතිවරයා පවසනලදි.

www.elections.gov.lk වෙබ් අඩවිය හරහාද ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම සඳහා මාර්ගගතව ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසා ඇතැයි ද ඔහු  පවසයි.

2025 වර්ෂය සඳහා ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචිවී ඇත්දැයි යන්න මෙම QR කේතය පරිලෝඛනය (Scan) කිරීමෙන් පරීක්ෂා කළ හැකියි.

කාලීන පුවත්