නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට අසන්නට ලැබෙනවා. දෙමළ සිනමාවේ අප කව්රුත් දන්නා ඉතා ජනප්‍රිය, දක්ෂ නළුවෙකුට එරෙහිවත් පසුගිය දිනවල මෙවැනි ලිංගික චෝදනාවක් එල්ල වීම නිසා යම් ආන්දෝලනයක් ඇති වී තිබුණා. සමාජ මාධ්‍ය හරහා මේ චෝදනාව එල්ල වී තිබුණේ විජේ සේතුපතිට එරෙහිව යි.
X සමාජ මාධ්‍ය අඩවියේ පෝස්ටුවක් පළ කරමින් ඇය සඳහන් කර තිබුණේ තමා දන්නා එක්තරා තරුණියක් සේතුපති විසින් වසර ගණනාවක් තිස්සේ ඔහුගේ ලිංගික වුවමනාවන් වෙනුවෙන් පාවිච්චි කරන ලද බවයි. ඔහු ඇයට ඒ වෙනුවෙන් ලක්ෂ ගණන් මුදල් ලබා දුන් බවකුත් මේ කාන්තාව පවසා තිබෙනවා. මෙවැනි ක්‍රියාවන් කරමින් ඔහු අනෙක් අතට මාධ්‍ය තුළ සාන්තුවරයකු සේ හැසිරෙන බවත් ඇය කියා තිබුණා.
ඔහුට එරෙහිව මේ බරපතල චෝදනාව කර තිබුණේ රම්‍යා මොහාන් නම් කාන්තාවක්. X සමාජ මාධ්‍ය අඩවියේ පෝස්ටුවක් පළ කරමින් ඇය සඳහන් කර තිබුණේ තමා දන්නා එක්තරා තරුණියක් සේතුපති විසින් වසර ගණනාවක් තිස්සේ ඔහුගේ ලිංගික වුවමනාවන් වෙනුවෙන් පාවිච්චි කරන ලද බවයි. ඔහු ඇයට ඒ වෙනුවෙන් ලක්ෂ ගණන් මුදල් ලබා දුන් බවකුත් මේ කාන්තාව පවසා තිබෙනවා. මෙවැනි ක්‍රියාවන් කරමින් ඔහු අනෙක් අතට මාධ්‍ය තුළ සාන්තුවරයකු සේ හැසිරෙන බවත් ඇය කියා තිබුණා.
“මෙබඳු චෝදනාවක් කළ විට සමහර මෝඩයන් සත්‍යය පිලිගන්නවාට වඩා කරන්නේ චෝදනා එල්ල කළ අය සහ ගොදුරු බවට පත් වූ අය ගැන ප්‍රශ්න කිරීමයි” ඇයගේ තවත් පෝස්ටුවක එසේ සඳහන් වෙනවා.
විජේ සේතුපති සම්බන්ධ සිදුවීම ගැන ඉහත කී තරුණියගේ පවුලේ අයට හෙලිදරව් වූයේ ඇය ගේ දිනපොත් සහ දුරකතනයේ පණිවුඩ හරහා බවයි රම්‍යා මොහාන් නම් කාන්තාව පවසන්නේ.
මෙම චෝදනාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙය පළ වීමත් සමග ඒ ගැන විශාල කතාබහක් ඇති වුණා. අවසානයේ මේ පිළිබඳ ප්‍රතිචාර නොදක්වා සිටින්නට සේතුපතිටත් නොහැකි වුණා. රම්‍යා මොහාන් ගේ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා තිබුණේ තමා මේ සම්බන්ධයෙන් සයිබර් අපරාධ පිළිබඳ විමර්ශන කරන අංශවලට පැමිණිලි කළ බව යි.
“මා ගැන යන්තම් හෝ දන්නා කෙනෙක් මේ කතා අහල සිනාසෙන බව නිසැකයි” මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සේතුපති පවසා තිබුණා. මෙම අභූත චෝදනා නිසා තම පවුලේ අය සහ හිතමිතුරන් මහත් සිත් තැවුලට පත්ව සිටින බවත් ඔහු සඳහන් කළා.
‘‘මේ වගේ කැත චෝදනාවලින් මාව වට්ටන්න කිසි කෙනෙකුට බැහැ. නමුත් මගේ පවුලේ අය සහ හිත මිතුරන් මෙයින් සිත් තැවුලට පත්ව සිටිනවා. මේ කාන්තාව මට මේ වගේ චෝදනා කරල ඒ තුළින් යම් අවධානයක් දිනාගන්නට උත්සාහ කරන බව මම ඔවුන්ට පැහැදිලි කරල දුන්නා.” යයි ද ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබුණා.
විවාහකයකු වන සේතුපති ගේ බිරිඳගේ නම ජෙසී. මේ දෙදෙනා දරුවන් දෙදෙනෙකුගේ මව්පියන්. ඔවුන් සියළු දෙනා මේ චෝදනා හේතුවෙන් කැළඹීමට පත්ව සිටිනු ඇති බවට සැකයක් නැහැ.
විජේ සේතුපති රඟපාන අලුත් චිත්‍රපටයක් මෙයට ටික දිනකට පෙර ප්‍රදර්ශණය ආරම්භ කළා. එහි නම තලයිවාන් තලයිවි. එය ප්‍රේක්ෂකයන් හමුවට ආවේ ජුලි 25 වැනි දිනයි.
ඉහත කී පුද්ගලයා තමා ඉලක්ක කර මෙවැනි චෝදනාවක් එල්ල කරන්නේ තමාගේ අලුත් චිත්‍රපටයට හානි කිරීමට විය හැකි බවකුත් සේතුපති පවසනවා.
“මගේ අලුත් චිත‍්‍රපටය තලයිවාන් තලයිවි ඉතා හොඳින් තිරගත වෙනවා. සමහර ඊර්ෂ්‍යාකාරයින් සිතනවා ඇති මේ වගේ චෝදනාවලින් මට මඩ ප්‍රහාර එල්ල කරලා චිත‍්‍රපටයට හානියක් කරන්න පුලුවන් කියලා. ඒත් එහෙම කිසි දෙයක් වෙන්නෙ නැහැ.
“මේ කාලෙ ඕනැම කෙනෙකුට තව කෙනෙක් ගැන මේ වගේ ඕන දෙයක් කියන්න පුලූවන්. ඒකට අවශ්‍ය වන්නේ සමාජ මාධ්‍ය ගිණුමක් පමණයි. ඊට පස්සේ ඔබ කැමැති ඕනම දෙයක් ඒකෙ ලියන්න පුලුවන්’’ ඔහු තවදුරටත් සඳහන් කර තිබුණා.
කලෙකට පෙර මුත්තයියා මුරලිදරන් ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ “800” නැමැති සිනමාපටයේ මුරලිගේ චරිතය රඟපෑමට මුලින්ම තෝරාගෙන සිටියේත් ඔහු යි. නමුත් ඔහු මුරලිගේ චරිතය රඟපෑමට එරෙහිව තමිල්නාඩුවේ ඇතැම් දෙමළ කණ්ඩායම්වලින් විරෝධයක් එල්ල වුණා. ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලයේ මුරලි ශ්‍රී ලංකා රජයට සහයෝගය දැක් වූ බවයි මේ කණ්ඩායම්වල අදහස වුණේ. මෙම පසුබිම තුළ සේතුපති මුරලිගේ චරිතය රඟපෑම දෙමළ ජනතාව පාවා දීමක් හැටියට ඔවුන් අර්ථ දැක්වුවා.
කෙසේ හෝ වේවා, ඔහුට එරෙහි චෝදනාව ඇතුලත් වූ පෝස්ටුව පසුව ඉවත් කරගෙන තිබූ අතර එම ගිණුමත් අක්‍රිය කර ඇති බව මාධ්‍ය සඳහන් කර තිබුණා.
මේ චෝදනා එල්ල කළේ කව්ද යන්නත්, ඒවායේ ඇත්ත නැත්තත් සමහර විට විමර්ශන අංශ ඉදිරියේ දී අනාවරණය කර ගනීවි.
මේ වනවිට 47 වැනි වියෙහි පසුවන විජේ සේතුපති දකුණු ඉන්දියානු සිනමාව තුළ සිටින දක්ෂතම නළුවකු බව රහසක් නොවෙයි. ඔහු රඟ පෑ චිත්‍රපට බොහොමයක් මෙරට ප්‍රේක්ෂකයන්ගේ ද මහත් අවධානයට පාත්‍ර වී තිබෙනවා. සේතුපති මෑත කාලයේ රඟපෑ චිත්‍රපට අතරින් “මහරාජා” නැමැති චිත්‍රපටය විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්තා.
කලෙකට පෙර මුත්තයියා මුරලිදරන් ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ “800” නැමැති සිනමාපටයේ මුරලිගේ චරිතය රඟපෑමට මුලින්ම තෝරාගෙන සිටියේත් ඔහු යි. නමුත් ඔහු මුරලිගේ චරිතය රඟපෑමට එරෙහිව තමිල්නාඩුවේ ඇතැම් දෙමළ කණ්ඩායම්වලින් විරෝධයක් එල්ල වුණා. ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලයේ මුරලි ශ්‍රී ලංකා රජයට සහයෝගය දැක් වූ බවයි මේ කණ්ඩායම්වල අදහස වුණේ. මෙම පසුබිම තුළ සේතුපති මුරලිගේ චරිතය රඟපෑම දෙමළ ජනතාව පාවා දීමක් හැටියට ඔවුන් අර්ථ දැක්වුවා.
සේතුපති ගේ දියණිය දූෂණය කරන බවටත් සමාජ මාධ්‍ය හරහා තර්ජන එල්ල වුණා. මෙම විරෝධය හමුවේ ඔහු අවසානයේ චිත්‍රපටයෙන් ඉවත් වුණා. ඉන්පසු “800” චිත්‍රපටයේ මුරලි ගේ චරිතය රඟපෑවේ උතුරු ඉන්දීය නළුවකු වන මධූර් මිත්තල්.
නිහාල් පීරිස්