ජපාන ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කාන්තාවක අගමැති ධුරයට පත් වී නැත. නමුත් තව නොබෝ දිනකින් මෙම තත්වය වෙනස් වීමට නියමිතව තිබේ.
මෙම ඓතිහාසික අවස්ථාව හිමි කරගැනීමට නියමිත කාන්තාවගේ නම සනෙයි තකායිචි ය. මේ වනවිට ඇයගේ වයස අවුරුදු 64 කි. තකායිචි අයත් වන්නේ ජපානයේ ප්‍රධානම දේශපාලන පක්ෂය වන ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයට යි.
ඇය අගමැති ධුරයට පත්වීමට යන්නේ ඇයගේ පක්ෂය පසුගිය දිනවල මැතිවරණයකින් ජය ගැනීම නිසා නොවේ. ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකත්වය සහ රටේ අගමැති ධුරය දැරූ ෂිගෙරු ඉෂිබා මෙයට ටික දිනකට පෙර එම ධුරවලින් ඉල්ලා අස්වීම නිසා ය.
ඇය අගමැති ධුරයට පත්වීමට යන්නේ ඇයගේ පක්ෂය පසුගිය දිනවල මැතිවරණයකින් ජය ගැනීම නිසා නොවේ. ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකත්වය සහ රටේ අගමැති ධුරය දැරූ ෂිගෙරු ඉෂිබා මෙයට ටික දිනකට පෙර එම ධුරවලින් ඉල්ලා අස්වීම නිසා ය.
ඔහුට මෙලෙස ඉල්ලා අස්වන්නට සිදු වූයේ ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය අර්බුද රැසකට මුහුණ දී සිටින පසුබිමක් තුළ ය. මේ වනවිට පක්ෂය ජනතාව අතර ජනපි‍්‍රයත්වය අතින් වේගයෙන් පිරිහෙමින් සිටින අතර ඉෂිබා ගේ නායකත්වය යටතේ මෑත කාලයේ මැතිවරණ දෙකකින්ම විශාල පසුබෑම්වලට ලක් විය. දශක හතකට ආසන්න කාලයක් ජපානය පාලනය කරමින් සිටින ප්‍රබල පක්ෂයක් වූ ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයට මේ වනවිට පාර්ලිමේන්තුවේ බහුතරය පවා අහිමි වී තිබේ. මේ නිසා ඔවුන්ගේ ආණ්ඩුව සිටින්නේ ඉතා අස්ථාවර තත්වයක යයි පැවසිය හැකිය.
පක්ෂය සහ රට නැවත නගා සිටුවීමට නම් නව නායකත්වයක් අවශ්‍ය බව එම පක්ෂයේ බොහෝ දෙනාගේ අදහස වී තිබේ. මෙම තත්වය තුළ ඉෂිබාට නායකත්වයෙන් ඉවත්වන මෙන් පක්ෂය තුළින් ම ඉල්ලීම් ඉදිරිපත් වූ බව සඳහන් වේ.
රටේ උද්ධමනය සහ ජීවන වියදම ඉහළ යාම, පක්ෂය තුළ සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා ආදිය ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනපි‍්‍රයත්වය පහත වැටීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත.

තමා පක්ෂ නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ඉෂිබා පසුගිය සැප්තැම්බර් 7 වැනි දින නිවේදනය කළේය. පක්ෂයට නව නායකයකු සහ අගමැතිවරයකු පත් කරගන්නා තෙක් පමණක් ඔහු එම ධුරයන්හි රැඳී සිටීමට නියමිත විය. සාමාන්‍යයෙන් අගමැති ධුරයට පත් වන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් හිමි කරගෙන සිටින පක්ෂයේ නායකයා යි.
ඉහත කී පසුබිම තුළ පසුගිය 04 වැනි දින ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයට නව නායකයකු තෝරා ගැනීමේ ඡුන්ද විමසීම පවත්වනු ලැබිණි. මෙහි දී අපේක්ෂකයෝ පස් දෙනෙක් නායකත්වය සඳහා තරග කළෝය. එ් අතරින් අවසානයේ ජයග්‍රහණය අත්කර ගත්තේ සනෙයි තකායිචි යි.
මීළඟට ඇය අගමැති ධුරයට පත් කර ගැනෙන්නේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගේ ඡුන්දයෙනි. මෙම ඡුන්ද විමසීම ලබන 15 වැනි දින පැවැත්වීමට නියමිත බව සඳහන් වේ. ජපාන පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර මණ්ඩල දෙකක් ඇති අතර ඒ දෙකේම වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කරගෙන සිටින්නේ ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය නිසා තකායිචි එදින අගමැති ධුරය සඳහා පත් වනු ඇතැයි විශ්වාස කෙරේ. ඒ අනුව ඇය ජපාන ඉතිහාසයේ අගමැති ධුරයට පත් පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
තකායිචි උපත ලබා තිබුණේ ජපානයේ නාරා නැමැති පළාතේ සාමාන්‍ය මධ්‍යම පන්තික පවුලක යි. ඇය දේශපාලනයට පිවිසීමට පෙර කලක් රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස ද කටයුතු කර තිබුණාය. එමෙන්ම ඇය තරුණ කාලයේ එක්තරා සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදන ශිල්පිනියක ලෙස කටයුතු කර තිබූ බව ද සඳහන් වේ. ඇයගේ පවුල කිසිදු ආකාරයකින් දේශපාලන කටයුතුවලට සම්බන්ධව සිටි පවුලක් නොවීය. තකායිචි ගේ පියා කාර්යාලයක සේවය කළ කෙනෙකු වූ අතර මව පොලිසියේ සේවය කළ කාන්තාවකි.
තකායිචි ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයට එක් වූයේ 1996 වසරේ යි. එයින් පසු ඇය ඉදිරිපත් වූ මැතිවරණ අතරින් එකකින් හැර අනෙක් සියල්ලෙන්ම ජය ගත් අතර ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ කැපී පෙනෙන ප්‍රබල සාමාජිකාවක බවට පත් වූවාය.
පසුකාලයේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන්නට පටන් ගත් තකායිචි පළමු වරට මැතිවරණයකට ඉදිරිපත්ව තිබුණේ 1992 වසරේ යි. එ්, පාර්ලිමේන්තුවේ ඉහළ මන්තී‍්‍ර මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණයකට ය. ඇය ඊට ඉදිරිපත් වූයේ ස්වාධීන අපේක්ෂිකාවක ලෙසිනි. නමුත් එම පළමු මැතිවරණයෙන් ඇය පරාජයට පත් වූවාය. එහෙත් සිය අධිෂ්ඨානය අත් නොහැරි ඇය ඊළඟ වසරේ පාර්ලිමේන්තුවේ පහළ මන්තී‍්‍ර මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණයකට ද ඉදිරිපත් වූ අතර එයින් ජයගෙන පාර්ලිමේන්තුවට පැමිණියාය.
තකායිචි ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයට එක් වූයේ 1996 වසරේ යි. එයින් පසු ඇය ඉදිරිපත් වූ මැතිවරණ අතරින් එකකින් හැර අනෙක් සියල්ලෙන්ම ජය ගත් අතර ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ කැපී පෙනෙන ප්‍රබල සාමාජිකාවක බවට පත් වූවාය.
පසුගිය කාලයේ තකායිචි ඇමැති ධුර කිහිපයක් ද දරා තිබේ. ආර්ථික සුරක්ෂිතතා ඇමැතිනිය ලෙස ද, අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන කටයුතු පිලිබඳ ඇමැතිනිය ලෙස ද, වෙළෙඳ සහ කර්මාන්ත රාජ්‍ය ඇමැතිනිය ලෙස ද තකායිචි කටයුතු කර ඇත.

කෙසේ නමුත් ඇය සැලකෙන්නේ සම්ප්‍රදායික වටිනාකම්වලට දැඩි ලෙස ගරු කරන කාන්තාවක ලෙසිනි. කාන්තාවන්ගේ විවාහයට පෙර වාසගම් විවාහයෙන් පසු පාවිච්චි කිරීම, සමරිසි පුද්ගලයන් අතර විවාහ ආදියට ඇය දැඩි විරුද්ධත්වයක් දක්වන බව සඳහන් ය. ඇය මේවා සලකන්නේ ජපානයේ සම්ප්‍රදායික සංස්කෘතියට පටහැනි දේ හැටියට යි.
මෙවැනි සම්ප්‍රදායට ගරු කරන කෙනෙකු මේ අවස්ථාවේ පක්ෂ නායක ධුරයට සහ අගමැති ධුරයට පත් කර ගැනීම ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයට උපාය මාර්ගික වශයෙන් වැදගත් විය හැකිය. ජපානයේ වඩාත් සම්ප්රදායවාදී තවත් පක්ෂයක් මේ වනවිට ජනපි‍්‍රයත්වය අතින් ඉහළට එමින් සිටින බව වාර්තා වේ. රටේ එවැනි අදහස් තිබෙන ඡන්දදායකයන් එම පක්ෂය වෙත ආකර්ශණය වෙමින් සිටින බැව් සඳහන් ය. තකායිචි වැනි කෙනෙකු ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකත්වයට පත් කර ගැනීම ඉහත කී ඡන්දදායකයන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීමේ දී වැදගත් විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
‘මගේ අරමුණ යකඩ ගැහැනියක වීම යි’ තකායිචි මෑත දිනෙක පාසල් සිසුන් පිරිසක් ඇමැතූ අවස්ථාවක පවසා තිබුණාය. බි්රතාන්යයේ යකඩ ගැහැනිය ලෙස ප්‍රසිද්ධියට පත් හිටපු අගමැතිනි මාගරට් තැචර් ගෙන් තකායිචි විශාල ආභාෂයක් ලබා ඇති බව සඳහන් වේ.
නිහාල් පීරිස්