ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සුපිරි හතර දෙනාගේ වටයේ තරගය අබුඩාබි හිදී අද (23) පැවැත්වීමට නියමිතයි. පෙරේදා පැවැති තරගය බංග්ලාදේශය හමුවේ පරාජය වීම හේතුවෙන්, තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංක කණ්ඩායමට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.
තරගයට පෙර මාධ්‍ය හමුව සඳහා ඊයේ (22 ) සහභාගි වූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, අද තරගයේදී කණ්ඩායම් සංයුතියේ වෙනස්කමක් සිදුවිය හැකි බව සඳහන් කරනලදි. නිත්‍ය පන්දු යවන්නන් සිව් දෙනකුගෙන් ක්‍රීඩා කිරීමේද, කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කිරීම ඇතැම් අවස්ථාවල අසීරු වන බවත්, එම නිසා පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු කණ්ඩායමට ඇතුළත් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බවත් ඔහු පවසනලදි. එමෙන්ම ඩුබායි පිටියට සාපේක්ෂව, අබුඩාබි පිටිය පිතිකරුවන් සහ වේග පන්දු යවන්නන් සඳහා වාසිදායක බවත්, එබැවින් දඟ පන්දු යවන්නකුගේ වෙනස්කමක් සිදුවිය හැකි බවත් අසලංක සඳහන් කරයි.