ජාතික අනතුරු නිවාරණ සතිය අද (07) සිට ලබන 11 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව තුළ රෝහල් ගතවීම් අතරින් වැඩිම සාධකය හදිසි අනතුරු බවට හඳුනාගෙන තිබේ.සෑම වසරකම ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 7 දෙනෙකුගෙන් එක් අයෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු ආකාරයේ අනතුරකට පත්වන බවට හෙළිවී තිබේ.
සෑම විනාඩියකටම අවම වශයෙන් 6ත් 8ත් අතර සංඛ්‍යාවකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන ආකාරයේ අනතුරක් විය හැකියි.අනතුරුවලට ගොදුරුවන්නන්ගෙන් බහුතරයක් අවුරුදු 15ත් 44ත් අතර එනම් ඵලදායී වයස් සීමාවල පසුවන්නන්.
එම වයස් කාණ්ඩයේ සිදුවන මරණවලට ප්‍රධානම හේතුව වන්නේ අනතුරුයි.මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අනතුරු නිවාරණය පිළිබඳ ජනතාවගේ දැනුවත් බව ඉහළ නැංවීම සඳහා ජාතික අනතුරු නිවාරණ සතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
සෑම වසරකම ජූලි මස පළමුවන සදුදා සිට සිකුරාදා තෙක් එය ප්‍රකාශයට පත් කෙරෙන අතර ඒ අනුව එම සතිය මෙවර පැවැත්වෙන්නේ අද (07) සිට ලබන 11 වනදා දක්වායි.