ජාතික අලුත් සහල් මංග­ල්‍යය අද සහ හෙට ජය ශ්‍රී මහා බෝ සමි­ඳුන් අබි­ය­සදී

59 වැනි වර­ටත් පැවැ­ත්වෙන ජාතික අලුත් සහල් මංග­ල්‍යය අද (08) සහ හෙට (09) දෙදින අනු­රා­ධ­පුර ජය ශ්‍රී මහා බෝ සමි­ඳුන් අබි­ය­සදී පැවැත්වෙයි.

දිව­යිනේ දිස්ත්‍රික්ක 25 නියෝ­ජ­නය වන පරිදි ගොවි ජන­තා­වගේ සහ­භා­ගී­ත්ව­යෙන් ජාතික අලුත් සහල් මංග­ල්‍යය සංවි­ධා­නය කර ඇති බව ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.අට­ම­ස්ථා­නා­ධි­පති, නුව­ර­ක­ලා­විය ප්‍රධාන සංඝ­නා­යක අති­පූජ්‍ය ආචාර්ය පල්ලේ­ගම හේම­ර­තන නාහි­මි­යන්ගේ අනු­ශා­සනා පරිදි ආග­මික වතා­වත් සිදු­කෙරෙයි.

කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමා­ත්‍යාං­ශය ප්‍රධාන ආය­තන සහ සංවි­ධාන ගණ­නා­වක් උලෙළේ සංවි­ධාන කට­යුතු සිදු­ක­රයි.මහා සංඝ­ර­ත්නය ප්‍රධා­නව කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරු­ණා­රත්න යන මහ­ත්ව­රුන් ඇතුළු රාජ්‍ය නිල­ධා­රීන්, ගොවි ජන­තාව ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථාව හා එක්වී­මට නිය­මි­තයි.

කාලීන පුවත්